-
පොලිස් කණ්ඩායමක් දැනටමත් මාලදිවයිනට පිටත් වී ගිහින්…
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයින් නැවත ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ ඒ සම්බන්ධව මාලදිවයින් රජයට විධිමත් ලිපියක් දැනටමත් යවා ඇති බවය.
මේ අතර, අඛණ්ඩ විමර්ශනයට සහාය වීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත මාලදිවයින් මුහුදේදී ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි සිටි ධීවරයින් අත්අඩංගුවට ගෙන තිබිණි.
අඩුම තරමින් මත්ද්‍රව්‍ය කිලෝ 300ක ප්‍රමාණයක් මේ යාත්‍රාවේ ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.







