ශ්‍රියානි විජෙසිංහ –
ලංකාවේ දරුවන් වැඩි වශයෙන්ම අකාලයේ මිය යන්නේ මාර්ග අනතුරුවලින්… ජනවාරි සිට සැප්තැම්බර් අග දක්වා මාර්ග අනතුරුවලින් දරුවන් 198ක් මිය ගිහින්… සියයට අනූවකට වඩා පාසල් දරුවන්…
වසරකට මාර්ග අනතුරු හේතුවෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරිම සහ අනතුරට ලක්වූ වාහන හා මාර්ගයන් නඩත්තු කිරීම සදහා රජයට රුපියල් බිලියන 700ක මුදලක් වැය වෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගයේ මාර්ග අනතුරු වැලැක්වීමේ කමිටුවේ සාමාජික ආචාර්ය සංජය පෙරේරා සඳහන් කරයි.
මාර්ග අනතුරු හේතුවෙන් වසරකට ජීවිත 3000ක් පමණ අහිමි වන අතර රටේ සිදුවන සමස්ථ හදිසි අනතුරු හේතුවෙන් ජීවිත 9000ක් නැතිවන බවද හෙතෙම පැවසුවේය.
අවුරුදු 30 යුද්ධයකින් අපිට අහිමි වූයේ ජීවිත 30000ක් පමණක් වුවද මාර්ග අනතුරු හේතුවෙන් වසර 10ක පමණ කාලය තුළ ( 2010 – 202 සැප්තැම්බර් දක්වා) අහිමි වූ ජිවිත ගණන 35000ක් යැයි ආචාර්යවරයා සදහන් කරයි.
ගිය වසරේ මාර්ග අනතුරු හේතුවෙන් ළමුන් (1 – 19 ) 411ක් මිය ගොස් ඇති බවත් මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ළමුන් 198ක් මිය ගොස් ඇති බවත් හෙතෙම පැවසුවේය.
මාර්ග අනතුරු වලක්වා ගැනීම සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස පොලීසිටය බලපෑම් කිරීමට සංගමය ලෙස කටයුතු කරමින් සිටින බවද හෙතෙම පැවසුවේය.







