අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරක අප්‍රිකානු ප්‍රභේදයත් අනිවාර්යයෙන්  කොළඹට ඒවි… ඒත් අපි සූදානම්… 

කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි අභියෝගය බාරගන්න ලෑස්තියි...

by editor
සැප්තැම්බර් 11, 2021
in පුවත්
කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී  රුවන් විජේමුණි..

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි..

Share on FacebookShare on Twitter

ඩෙල්ඩා ප්‍රභේදය සියයට සියයක්ම කොළඹ නගරය ආක්‍රමණය කර ඇති බව පසුගියදා ප්‍රකාශ කළත් එය කොළඹ නගරයේ ජනතාවට  අභියෝගයක් නොවුණ බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතාගේ අදහස විය. වයිරසය මැඩ පැවැත්වීම ඔහු කොළඹ නගරයේ ආරම්භ කල වැඩ පිළිවෙළ කෙබඳුද යන්න පිලිබඳව ලංකාසර කළ විමසුමකි.

ප්‍රශ්නය – කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරයේ  සියයට සියයක් පැතිර යන මෙවන් අවස්ථාවකදී  නගරයේ ජනතාව ආරක්ෂා කරගැනීම සදහා එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරීයා ලෙස ඔබගේ කාර්ය භාර්ය කුමක්ද? 

පිළිතුර –  කොළඹ නගරයේ ඩෙල්ටා ප්‍රභේදය සියයට සියයක් පැතිර ගියත් කොළඹ නගරයේ ජනතාවට එය අභියෝගයක් වුණේ නැහැ. එයට සාර්ථකව මුහුණ දීම සදහා මම ඔවුන්ව සන්නද්ධ කර තිබුණා.

ප්‍රශ්නය – ඔබ ජනතාව සන්නද්ධ කළේ කොහොමද? 

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පිළිතුර –  ජනතාවට ඇල්ෆා ප්‍රභේදයෙන් හොදටම බැට කෑවා. ඒ නිසා ඔවුන්ගේ ශරීරයේ වයිරසයට විරුද්ධව ස්වාභාවික ප්‍රතිශක්තියක් ගොඩනැගී තිබුණා. ඒත් එක්කම එන්නත්කරණය මගින් කෘතීම ප්‍රතිශක්තිය ඇති කළා., සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට ඔවුන් ඉබේම අනුගත වුණා.

ප්‍රශ්නය – එහෙම නම් කොළඹ නගරයේ ජනතාවට අභියෝගයක් වුණේ ඇල්ෆා ප්‍රභේදයද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම ඔව්. මේක තමයි කොළඹ නගරයට පැමිණි නරකම රැල්ල. දවසකට ආසාදිතයින් 5000ක් පමණ හමු වුණා. මෙතැනදී බොහෝ පිරිසක් රෝගී වුණා. ඒ නිසා කොළඹ නගරයේ මහල් නිවාස ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක්ම සති ගණනාවක්ම වසා දැමීමට සිදුවුණා.

ප්‍රශ්නය –  ඇල්ෆා ප්‍රභේදයෙන් බැට කෑ කොළඹ නගරය ඉදිරියට ඇතිවිය හැකි නව කොවිඩ් ප්‍රභේදයන්ගෙන්   ආරක්ෂා කර ගැනීම සඳහා මොනවගේ ක්‍රියා මාර්ගයක්ද ගත්තේ?

ප්‍රශ්නය – කොළඹ නගරය තුල ඩෙල්ටා ප්‍රභේදය කොයි ‌මොහොතක හරි පැතිරෙයි කියලා යම් සැකයක් මතුවතිබුණා. ඒ නිසාම අපි ඒ ගැන හොද සෝදිසියෙන් සීටියා. 

ප්‍රශ්නය – සෝදිසියෙන් හිටියා කියලා ඔබ අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර – අහඹු පරික්ෂාවන්  දිගින් දිගටම කලා . පීසීආර් පරික්ෂාවන් ඇන්ටිජන් පරික්ෂාවන් අඛණ්ඩව සිදුකලා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට දිනකට නියදි 500 – 600 පමණ ලබා දුන්නා . එහි ප්‍රතිපලයක් ලෙස කොළඹ නගරයට ඩෙල්ටා ප්‍රභේදය ඇතුළු වී තිබෙන බව අපට හඳුනාගන්න හැකි වුණා.

ප්‍රශ්නය -ඩෙල්ටා ප්‍රභේදය මුලින්ම හදුනා ගත්තේ කොහෙන්ද?.

පිළිතුර – මේ අහඹු පරික්ෂාවේදී  කොළඹ නගරයේ දෙමටගොඩ ප්‍රදේශයේ ආරාමය ප්‍රදේශයෙන් පුද්ගලයින් 6 දෙනෙක් වාර්තා වුණා.  මේ සෑම කෙනෙකුම එකිනෙකාට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයින්. ඒ නිසා අපි විශ්වාස කළා ඩෙල්ටා වයිරසය ආසාදනය වූවන් තවත් අය නගරයතුල සිටින බව.

ප්‍රශ්නය – කොළඹ නගරය තුළ තවත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් සිටිය හැකි බව ඔබ විශ්වාස කළා නම් ඔවුන්ව සොයා ගැනීම සදහා ගත් ක්‍රියා මාර්ගය කුමක්ද?

පිළිතුර – අහඹු පරික්ෂාවන් නොකඩාවම සිදුකලා. මෙහිදී නියදි 100ක් තුල ආසාදිතයන් 20 – 30 අතර සංඛ්‍යාවක් හදුනා ගැනීමට හැකි වුණා.

ප්‍රශ්නය – ආසාදිතයන් මෙපමණ සංඛ්‍යාවක් හමු වුණත් කොළඹ නගරයේ මරණ සංඛ්‍යාව අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව අඩුවක් පෙන්නුම කලානේද?

පිළිතුර – ඔව්.  ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරයේ ජනතාවට ආසාදනය වුණත් ඔවුන්ට එයින් යම් සංකූලතාවන් මතු වුණත් මරණයට පත්වීම අවම වුණා. ඒකට හේතුව තමයි ඔවුන් තුළ  ඇල්ෆා ප්‍රභේදය නිසා හටගෙන තිබුණ ස්භාවික හා කෘතීම ප්‍රතිශක්තිකරණය.

ප්‍රශ්නය –  මේ වන විට අප්‍රිකානු ප්‍රභේදයක් වන C.1.2  ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණු බව වයිරස විශේෂඥයින් හදුන්වා දී තිබෙනවා.   ප්‍රභේදයත් කොළඹ නගරයට පැමිණෙයිද?

පිළිතුර –  අනිවාර්යයෙන්ම පැමිණෙයි. මොකද විදේශිකයන් විශාල වශයෙන් මෙරටට පැමිණෙනවා. අපේ ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල සංචාරය කරනවා. අනික කොළඹ නගරයකියන්නේ වෙළද මධ්‍යස්ථානයක් . ඒ නිසා ඕනෑම ප්‍රභේදයක් කොළඹ නගරයට ඇතුළු විය හැකියි.

ප්‍රශ්නය- යම් හේතුවකින් මේ දරුණු ප්‍රභේදය කොළඹ නගරයට ඇතුළු වුණොත් ඉන් ජනතාව බේරා ගැනීම සදහා සැලසුමක් තිබෙනවාද?

පිළිතුර – ඩෙල්ටා ප්‍රභේදය ඉන්දියාව පුරා පැතිරගියා. මිනිසුන් දහස් ගණනක් මිය ගියා. ඒ ප්‍රභේදයට කොළඹ නගරයේ ජනතාවට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වුණා නම් අප්‍රිකානු ප්‍රභේදයට මුහුණ දෙන එකත් අපිටගැටලුවක් වෙන එකක් නැහැ.

ප්‍රශ්නය –  කොළඹ නගරයේ එන්නත්කරණ වැඩ සටහන සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන තියෙනවා මේ ගැන යමක් කීවොත්?

පිළිතුර – මොන තරම් විවේචන ආවත් අපි කටයුතු කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශයන්ට අනුකූලවයි.  ඔහු නිකුත් කළ චක්‍රලේඛයන්ට අනුගත වෙමින් තමයි එන්නත්කරණය ක්‍රියාත්මක කළේ. කවුරු මොනවා කිව්වත් අද වන විට කොළඹ නගරයේ එන්නත්කරණය ඉතාමත් වේගයෙන් සිදුකරමින් අපේ සාර්ථකත්වය තුන්වන රැල්ල තුළදීම  පෙන්වා තිබෙනවා. 

ප්‍රශ්නය –  ඔබ සදහන් කරන පරිදි කොළඹ නගරය තුල ක්‍රියාත්මක කළ සාර්ථක හා වේගව එන්නත්කරණ ගැන  පැහැදිලි කිරීමක් කළොත්?

පිළිතුර – අපි පෙබරවාරි මාසේ අන්තිම ඉඳලා කොළඹ නගරයේ අවුරුදු 60 ට වැඩි  ජනතාව  මුලුමනින්ම එන්නත්කරණයට ලක්කළා.  එය වේගවත්ව කලා.  ඩෙල්ටා ප්‍රභේදය ක්‍රමයෙන් පැතිරෙන්නට පටන් ගන්නේ ජූලි මාසේ මුල වෙන විටයි. ඒ වන විට. අවුරුදු 30ට වැඩි  අයව එන්නත්කරණයට ලක් කලා. ජුලි මුල  එන්නත දීම වේගයෙන් පටන් ගත්තා. කොළඹ නගර  ඉතිහාසයේ වේගවත්ව ප්‍රතිශක්තිකරණ වැඩ සටහන තමයි ජූලි මාසයේදී ක්‍රියාත්ම කළේ. 

සාමානයෙන් කොළඹ නගරයේ තියෙන මෘතෘ හා ළමා සායන මගින් වසරකට එන්නත් 8000 – 9000ක් ප්‍රමාණයක් අපි ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබා දෙනවා. නමුත් කොවිඩ් මර්දන වැඩසටහනේදී අපි එක් දිනකට පුද්ගලයින් 8000- 10000ක් අතර සංඛ්‍යාවකට  එන්නත් ලබා දුන්නා.

ප්‍රශ්නය – මෙම වේගවත් එන්නත්කරණය ඩෙල්ටා ප්‍රභේදය මර්දනය කිරීමට හේතුවක් වුණ බව ඔබ මුලින් සදහන් කළා. මෙය පැහැදිලි කළොත්?

පිළිතුර – ඩෙල්ටා ප්‍රභේදය අගෝස්තු මාසය තුළ කොළඹ නගරයට ඇතුළු වෙන්න  පුලුවන‍් කියලා අප සැක කළා. ඒ අනුව ආසාදිතයින් 8000ක් පමණ හඳුනාගන්න හැකිවෙයි කියලා හිතුවත්  අසාදිතයින් 5000න් අඩු කර ගන්න අපිට හැකිවුණා. 

ප්‍රශ්නය –  කොවිඩ්  රෝගයෙන් මිදිමට එන්නත්කරණය කළත් සෞඛ්‍ය නිර්දේශයන්ට අනිවාර්යයෙන්ම අනුගත විය යුතුයි. ඒ අනුව දුරස්ථ භාවය රඳවා ගැනීම ප්‍රමුඛ වෙනවා.  කොළඹ නගරයේ පවතින තදබදයත් සමග මේ දුරස්ථභාවය රඳවා ගැනිම අභියෝගයක් නේද? 

පිළිතුර – ඇත්තටම මෙය විශාල අභියෝගයක්.  කොළඹ නගරය කියනේ වර්ග කිලෝමීටර් 37ක භූමී භාගයක්. වර්ග කිලෝමීටරයක ජනගහනය 20000ක් සිටිනවා. ස්ථීර ජනගහනය 750,000 සිටිනවා. දිනපතා ලක්ෂ 5ක් පිටතින් ඇවිත් යනවා. දුරස්ථභාවය රඳවා ගැනීම ඉතාමත් අසීරු කටයුත්තක්. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එන්නත් නොගත් කෙනෙක් මරණයට පත් වීමේ හැකියාව එන්නත ගත් කෙනෙකුට වඩා 11 ගුණයකින් වැඩියි…

Next Post

පළාතට දෙන එන්නත ගැන තීන්දුව ගන්නා අය ගැන මහාචාර්ය තිස්ස විතාරණ කියයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.