බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් යෝජනාවලිය සම්මතයි… දැන් අපට මොකද වෙන්නේ….

 ශ්‍රි ලංකාව සම්බන්ධයෙන්  සිදුවන දේ මෙන්න...

by editor
මාර්තු 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් යෝජනාවලිය සම්මත වීමත් සමඟ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව විමසා බැලීම සඳහා ජිනීවා නුවර මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව සම්බන්ධ කටයුතු  සඳහා වෙනම විශේෂ ඒකකයක්  තාවකාලිකව ස්ථාපනය වනු ඇත. මෙම කාර්යාලට අනුබද්ධව ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් මානව හිමිකම් ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ ඊට අදාළව කටයුතු කිරීමට ජාත්‍යන්තර නීති විශේෂඥයන් කිහිප දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයක් ස්ථාපනය වනු ඇති අතර ඊට අදාළ යාන්ත්‍රණයක්  යෝජනාවලිය තුළ යොජනා වී තිබේ.

මාස 22ක  කාලයක් සඳහා මෙම තාවකාලික කාර්යාලය ක්‍රියාත්මක කිරීමට අදාල අයවැයක්ද යෝජනාවලියත් සමඟ අනුමතවන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8කට ආසන්න මුදලක් ඒ සඳහා වෙන්වී ඇත. මෙම මුදල වෙන්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හත මඟින් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය මඟින් දක්වා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමට අදාල කටයුතු සඳහාය.

මෙම යෝජනාවලිය සම්මත වීමෙන් පසුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   කීවේ රටවල් 22ක් අපට එරෙහි වෙද්දී අපට සහය දුන් රටවල් 11 සහ නිහඬව සිටි රටවල් 14 සමඟ රටවල් 25ක් අපට සහය දුන්  බවය. එහෙත් එය සත්‍යය යටපත් කරන ප්‍රකාශයකි. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට වැඩි ඡන්දයක් අවශ්‍ය වන අතර නිහඬව සිටි ඉන්දියාව, නේපාලය ඇතුළු රටවල් අපට සහය ලබා දුන්නා නම් අඩුම ගණනේ එම රටවල් 14 අතරින් 13ක් අපට පක්ෂව ඡන්දය ලබා දිය යුතුව තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත. ඒ අනුව සිදුව ඇත්තේ මෙම යෝජනාවලිය සම්මත වීමය.

මෙය සම්මත වූ පමණනි  රටට අහිතකර ආර්ථික සම්බාධක ආදිය පැමිණෙන බවට මතයක් තිබුණද එසේ වන්නේ නැත. දැනට ක්‍රියාත්මකවන සම්මුති එකඟතා අනුව එම කටයුතුවලට කෙටි කාලීන බලපෑමක් ඇති නොවේ. කෙසේ වුවද මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන ආකාරය අනුව ඉදිරියේදී එක් එක් රටවල් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් තීරණ ගනු ඇත.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඉදිරිපත් වූ නිර්දේශ

මෙම  යෝජනාවලියෙන් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සිදුවන දේවල් මෙන්ම රටේ ව්‍යවස්ථාමය ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්ව ඇති ආකරය සම්බන්ධයෙන් දිර්ඝ නිවේදනයක් සමඟ නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණි. අප මුලින්ම මෙම නිර්දේශ කවර්ද යන්න පිළිබඳ වැටහීමක් ලබා ගැනීම වැදගත්ය.

  • ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රයට අනුකූලව මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් බහුවාදී ප්‍රවේශයකින් කටයුතු කළ යුතුය.
  • මානව හිමිකම් සම්බන්ධ යෝජනාවලියෙන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය තුළ පවතින කරුණු සාක්ෂාත් කර ගැනීමට අදාළ ප්‍රතිපත්තිමය සහ ව්‍යවස්ථාමය රාමුවක් ශ්‍රි ලංකා රජයට රට තුළ සකස් කළ යුතුවේ.
  • ශ්‍රි ලංකා රජය එරට සියලුම ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට සහ පොලිසියට කිසිදු ආකාරයේ හිංසනයක්, ලිංගික අතවරයක් හෝ මානව හිමිකමක් සිදු නොවන ආකාරයෙන් ක්‍රියා කළ යුතු බව නිසැකවම ප්‍රකාශ කළ යුතු වන අතර එවැනි මානව හිමිකම් කඩකිරීමක් සිදුවුවහොත් එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.
  • මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් හෝ සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් කඩවීමේ වින්දිතයන්ට  කරන හිරිහැර, බාධා කිරීම් හෝ අනවශ්‍ය සොයා බැලීම් නවත්වන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් දිය යුතුය.
  • මානව හිමිකම් සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා නොකරන වැරදි කළ බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු කළ ආරක්ෂක අංශ සහ රජයේ නිලධාරීන් සේවයෙන් පහ කළ යුතුය.
  • ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කොමිෂන් කාර්යාලය නිසි ලෙස ක්‍රියාත්මකවීමට අවශ්‍ය පහසුකම් රජය විසින් සම්පාදනය කළ යුතුයි.
  • පසුගිය මානව හිමිකම් යෝජනාවලිය සමඟ එකඟ වීමෙන් පිහිටවූ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වින්දිතයන් පිළිබඳ කාර්යාලයට පූර්ණ ස්වාධීනත්වයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතුය
  • ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුව නව නීතියක් ගෙනෙන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සඳහා සහන කාල සීමාවක් ක්‍රියාත්මක කළ යුතුය.
  • සිරගතව සිටින පුද්ගලයන්ට සහ චෝදනාවලට ලක් වූවන්ට ජනාධිපති සමාව සමාව ලබා දීමේදී ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන්වලට අනුකූලව සිදු කිරීම සහ ඔවුන් රටේ නෛතික ක්‍රියාවලිය තුළ ඊට අදාලව කටයුතු කිරීම.
  • මානව හිමිකම් යාන්ත්‍රණය සම්බන්ධ කටයුතුවලට ශ්‍රී ලංකාවට ආරාධනා මත පැමිණෙන විදේශික නියොජිතයන්ට ගෞරවාන්විතව සැලකීම සහ මානව හිමිකම් සම්බන්ද තත්වය ප්‍රවර්ධනයේදී  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ආදළ තාක්ෂණික සහය ලබා ගැනීම

යන මෙම ක්‍රියාකාරකම් එම මානව හිමිකම් යෝජනාවලියේ නිර්දේශ ලෙස ඉදිරිපත්ව ඇත. මේ කටයුතු සම්බන්ධයෙන් ඇගයීමේ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 48 වැනි සැසිවාරයේදී  මානව හිමිකම් මහකොමසාරිස් විසින්  අදාල යෝජනාවලිය මත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන වර්ධනය තත්ත්ව පිළිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙයි.

ක්‍රියා පිළිවෙත්

ඊට අදාළව පහත ක්‍රියා පිළිවෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ඇත.

  • ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ සඳහා ඒවා සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමක් කිරීම .
  • ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම.
  • “සංහිඳියාව හා වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එහි අධීක්ෂණය සහ වාර්තාකරණය වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසියේදී වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 49 වැනි සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි 51 වැනි සැසියේදී වගවීම ඉදිරියට ගෙනයෑම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටින අතර, එම වාර්තා දෙකම සංවාදයක් තුළ සාකච්ඡා කළ යුතුය.’

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ශ්‍රි ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් පිහිටුවෙන තාවකාලික කාර්යාලයට සම්බන්ද සේවා කටයුතු සඳහා ජාතක්‍යන්තර අපරාධ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම සහ විමර්ශනය සම්බන්ධ අත්දැකීම් ඇති නීති උපදේශකයන් දෙදෙනකු,  විශ්ලේෂකයන් දෙදෙනෙකු ජාත්‍යන්තර අපරාධ නීතිය පිළිබඳ ගවේෂකයන් හෝ මානව හිමිකම් නිලධාරීන්දෙදෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම පිළිබඳවද මානව හිමිකම් යෝජනාවලිය සම්බන්ධයෙන් මේ වනවිට තීරණය වී ඇත.

මෙම කාර්යාලයේ ඉදිරි කටයුතු සඳහා  ඉදිරි මාස 22 සඳහා ඩොලර් මිලියන 2.8ක වැය ශිර්ෂයක් වෙන් කෙරෙනු ඇති අතර කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු මෙම ඒකකය මගින් ලබා දෙනවා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ නිත්‍ය විමර්ශනයක් පවත්වාගෙන යනු වස් එළැඹෙන මාස 22 ක තුළ වාර්තා 3 ක් ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියට නිර්දේශ කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ටයිල් ආනයන තහනම නිසා ලක්ෂයකට අධික පිරිසකට රැකියා අවදානමක්

Next Post

ගුරු – විදුහල්පතිවරු හෙට උද්ඝෝෂණයේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.