හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන තමන් භාවිතා කරමින් සිට යළිත් රජයට භාර දුන් වෙඩි නොවදින වාහන ආපසු ලබා දෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.
ජනාධිපති අයිතිවාසිකම් පනත අවලංගු කිරීමෙන් පසු එම වාහන මෑතකදී ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබිණි.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ මෙම ඉල්ලීම් ආරක්ෂක සමාලෝචන කමිටුවට යොමු කරන බවයි.
මෙම කමිටුවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ පොලිස්පතිවරයා ඇතුළත් වනු ඇත.
කමිටුවේ සාකච්ඡාවලින් පසු හිටපු ජනාධිපතිවරුන් සඳහා ආරක්ෂක විධිවිධාන සහ වෙඩි නොවදින වාහන සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.







