දිනසේන රතුගමගේ –
නොවැම්බර් මස 27 වෙනිදාට යෙදී තිබෙන එල්.ටී.ටී.ඊ. මහ විරු දිනය සැමරීම පිණිස උතුරේ සියලුම දෙමළ වැසියන් සියලු දෙනාටම එක්වන ලෙස එම උළෙලේ සංවිධායන් මහජනතාවට දැණුම් දී තිබේ.
ඒ අනුව මුලතිව් හා කිළිනොච්චි ප්‍රදේශවල වැසියන් විශාල පිරිසක් මේ දිනවල එල්.ටී.ටී.ඊ. සොහොන් පිහිටි ප්‍රදේශවල කැලය සුද්ධ කරමින් නටබුන් බවට පත්ව තිබෙන එම සොහොන් එලිපෙහෙලි කිරීමට පටන් ගෙන තිබේ.
මේ සඳහා ගම් මට්ටමින් ශ්‍රමදානද සංවිධානය කොට ඇත.
මෙම අවස්ථාවලට පැමිණි පිරිස් සොහොන් කොත් එලි පෙහෙලි කොට ආපසු යාමට පෙර ඒවාට පහන් හා ඉටිපන්දම් දල්වා මියගිය පිරිස සමරණ ආකාරයක්ද දැක ගැනීමට ලැබුණි.
සෑම වසරකම මහවිරු දිනය උතුරු නැගෙනහිර වැසියන් විසින් සමරනු ලබන අතර එල්.ටී.ටී.ඊ තහනම් සංවිධානය රට තුළ උත්කර්ෂයට නැගිම රජයෙන් තහනම් ක්‍රියාවක් ලෙසද ප්‍රකාශයට පත් කොට තිබේ.







