ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන් ලෙස ආචාර්ය රාණි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ මහතා පත් කිරීමට අද රැස් වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වූ නිහාල් ෆොන්සේකා මහතා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය පසුගිය මැයි මාසයේදී එම තනතුරුවලින් ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු තනතුරු සදහා ඉහත නම් සඳහන් සාමාජිකයින් දෙදෙනා නම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනා කර තිබිණි.
ඒ අනුව එම දෙදෙනා සම්බන්ධව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ව්‍යවස්ථා දායක සභාව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඔවුන් පත් කර ගැනීමට තීරණය කර තිබේ.
ආචාර්ය රාණි ජයමහ මහත්මිය මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය ලෙසත් හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙසත් කටයුතු කර ඇති අතර සමන්ත කුමාරසිංහ මහතා මෙරට ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු natures beauty creations ලිමිටඩ් හි සභාපතිවරයෙකු ද වේ.
මුදල් මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් (සභාපති), භාණ්ඩාගාර ලේකම් එන්ආර්. ආටිගල (නිල සාමාජික) සහ ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන යන මහත්වරු කටයුතු කරති.