ගුවන් යානා හා ගුවන් යානා තාක්ෂණය අධ්‍යන්‍යය කිරීම සඳහා පාසැලක් මහනුවර දිගන ගුවන් හමුදා කඳවුර තුළ ස්ථාපිත කරන බව ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් සුදර්ශන පතිරණ පැවසීය .
උතුර, නැගෙනහිර, උතුරු මැද හා දකුණ යන පළාත් වල ද එවැනි පාසැල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඔහු පැවසීය. ගුවන් යානා තාක්ෂණය,ඉංජිනේරු ශිල්පය ඇතුළු ගුවන් යානා සම්බන්ධ සියලු අංශ පිළිබඳ දැනුම ලබා ගැනීමට පාසැල් දරුවන්ට අවස්ථාව සලසා දීමත් මේ ව්‍යාපෘතියේ ඒ්ක අරමුණක් බව ගුවන් හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.
ලෝකයේ නව ප්‍රවනතා ඉක්මනින් ග්‍රහණය කර ගනිමින් ඒවාට අනුව ගුවන් හමුදාව හැඩගැස්සවිය යුතු බවත් සයිබර් තාක්ෂණය හා නියමුවන් රහිත ගුවන් යානා පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකර තිබෙන බවත් ඔහු පැවසුවේය.