කොවිඩ් රෝගියකු මහනුවර ජාතික රෝහලේ කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි තරුණ රෝගියකු එම වාට්ටුව පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැනීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව එම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද (04) අලුයම 2.00ට පමණ සිදුවූ මෙම සිදුවීමෙන් එම පුද්ගලයා එම සථානයේම මිය ගොස් ඇති වව වෛද්‍යවරුන් තහවුරු කර ඇත.
වයස අවුරු 35ක් වන මෙම පුද්ගලයා අලවතුගොඩ රතුකොහොදීගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දින පැවැත්වීමට නියමිතය.