මහනුවර පොලිස් ලොක්කෙක් විසින් පවත්වාගෙන යන මහා පරිමාන සම්බාහන මධ්‍යස්ථාන දෙක්ක සම්බන්ධව තොරතුරු පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
මහනුවර රාජසිංහ මාවතේ සහ ධම්මසිද්ධ මාවතේ මෙම සම්බාහන මධ්‍යස්ථාන දෙක පවත්වාගෙන යන බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම පොලිස් ලොක්කා විසින් එම සම්බාහන මධ්‍යස්ථාන දෙකෙහි සේවය සඳහා තරුණියන් සහ කාන්තාවන් 15 දෙනෙක් යොදවා ඇතැයි ද වාර්තා වේ.
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් නුවර නගරය පුරා ගණිකා ජාවාරම ද පවත්වාගෙන යන බවත් මෙම පොලිස් ලොක්කාගේ සම්බාහන මධ්‍යස්ථාන දෙකෙහි ද සම්බාහනයට අමතරව බොහෝ දේ සිදුවන බවත් මහනුවර පොලිස් පොඩ්ඩෝ මාධ්‍යයට හෙළි කර තිබුණහ.
මෙම පොලිස් ලොක්කාගේ සම්බාහන මධ්‍යස්ථාන දෙක ඇතුළුව මහනුවර නගරයේ සහ ඒ අවට සම්බාහන මධ්‍යස්ථාන 300ක් පවතින බව ද පොලිසිය පවසයි.
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම මෙම සමහර සම්බාහන මධ්‍යස්ථාන හරහා සිදුවන බවට තොරතුරු අනාවරණය වී තිබිය දීත් අත්‍යාවශ්‍ය වැටලීම් සහ නීති විරෝධී ක්‍රියා මර්ධනයට පොලිස් ලොක්කා ඉඩ නොදෙන බවත්, ඊට ප්‍රධානම හේතුව තමන්ගේ සම්බාහන මධ්‍යස්ථාන දෙක බවත් පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.
ප්‍රකාශ නොවී තිබුණු මේ සියලු තොරතුරු එළියට එන්නේ අම්පිටියේ සිසුවා භූමිතෙල් දමා ගිනි තැබූ අපරාධය යට ගැසීමට මහනුවර පොලිසිය හැසිරුණු ආකාරය ගැන සිදුකළ විමර්ශනයක දී ය.







