බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර නිලමේවරු පෙරහර හොඳටෝම කළ හැටි!

by editor
අගෝස්තු 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සංස්කෘතික සම්ප්‍රදායක් ආරක්ෂාවන්නේ බරසාර මනුෂ්‍යයන් අතර ඇතිවන බහුශ්‍රැත සංවාදයක නියැතියක් ලෙසය.  චිරාගත සම්ප්‍රදායනුකූලව පෙළ ගැසෙන සිංහලයේ උත්තුංග මංගල්‍යය වූ ඇසළ පෙරහර යුගයෙන් යුගයට පැවතුනේ මේ විශිෂ්ට සංවාදයේ ප්‍රතිඵලයක් වශයෙනි.

දෙවියන් බුදුන් වැඳගෙන උන්වහන්සේලා වෙනුවෙන් පේවී ඇරඹෙන ලෝකය නන්දය කළ ඇසළ මහා පෙරහර ගැන කියනවා නම් අපට කියන්නට ඇත්තේ මෙවර එවැනි පෙරහරක් නොතිබුණු බවය.

ඇසිඩ් කෙළියAcid

රට දුටුවේ පෙරහර මංගල්‍යයේ අරුමය යටකරෙගෙන මතුවන එකිනෙකා කා ගන්නා නිලමේ ලාගේ අවකෙළිය. පෙරහර සංවිධාන අවස්ථාවේ සිට මේ විකල් ස්වරූපය මතු වනු පෙනුණි.  කතරගම දේවාල බස්නායක නිලමේ සෑම අඳුරු අහුමුල්ලක්ම ෆ්ලෑෂ් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ කතාව එදා අපට තේරුණේ නැත. ප්‍රතිඵල ආවේ පළවෙනි කුඹල් පෙරහර ඇරඹුණු රාත්‍රියේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ දළදා පෙරහර  ආරම්භ කළේ   අශිෂ්ට මිනිසුන් පෙරහර සම්ප්‍රදාය ජිංතුපිටියේ පේව්මන්ට් එකට ඇද දමමිනි.  පළමු කුඹල් පෙරහර පැවති පසුගිය 13 දා  නාථ දේවාල පරිශ්‍රයේ දී නාථ දේවාල බස්නායක නිලමේවරයාගේ සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ  වාහන දෙකට එල්ල වුණු ඇසිඩ් ප්‍රහාරයක් ගැන කියැවීනි. දැන් කතාව ඇත්තේ උසාවියේය. පොලිස් පැමිණිල්ල ප්‍රකාරව උසාවි නියෝගයක් ගෙන  රස පරීක්ෂකවරයාට සාම්පල් යවා ඇත. සී.සී.ටී.වී දර්ශන නිරික්ෂණය කළ බව කියැවිනි.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේ මෙවැනි විෂ රසායනයක් ලංකාවේ ඇති පූජා භූමිවලින් දැඩි ලෙස රක්ෂාවට ලක් කළ මේ අධි ආරක්ෂිත කලාපයක මර්මස්ථානය  වෙත සාමාන්‍ය මනුෂ්‍යයෙකුට නම් රැගෙන යා නොහැකි බවය. “මෙය ගෙන යා හැක්කේ ප්‍රභූ වරයෙකුට පමණයි.“

තිලෝගුරු බුදු පියාණන්වහන්සේ වන්දනා කරන්නට දෙවු බඹුන් වඩින බව කියන මහා පුණ්‍යවන්ත මොහොතක මතු බුදුවන මෛත්‍රී බුදුන් වැඩ සිටිනා දේවාල භූමියට ඇසිඩ් ඇද්ද උන් නිලමෙලා සේ පෙරහරේ ගියා දැයි දන්නේත් දෙවියන් පමණි.

එහෙත් මේ සිද්ධියේ වින්දිතයෙක් වී වාහනය ඇසිඩ් පහරකින් දෝවනය කරගත්  නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද ගේ පෞද්ගලික ලේකම් දීඝායු අබේනායක කීවේ  තම වාහනයට ඇසිඩ් ඇසුවේ පත්තින දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් හේමන්ත බණ්ඩාර බවය.

“මට වෙනත් විරුද්ධවාදීන් නෑ. මා හා විරසකයක් ඇත්තේ  පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ  පමණයි.  අවස්ථා කීපයක දීම ඔහු මට තර්ජනය  කළා . ආසන්නම තර්ජනය    කප් සිටුවා තුන්වන ඇතුළු පෙරහර ගමන් කරන විටයි සිදුකළේ.    මල් කඩේ ළමයෙකු අත  ඔළුව පරිස්සම් කරගෙන ඉන්න කියන්න යැයි කියා ඔහු මට පණිවිඩයක් එවා තිබුණා.“

ඔහු පවසන්නේ මේ විරසකය ඇති වන්නේ තමන් පසුගියවර බස්නායක නිලමේවරයා තෝරන ඔහුගේ නිලවරණයට හේමන්ත බණ්ඩාරට  සහයෝගය ලබා නොදීම නිසා බවය.

මේ සමගම පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ වූ හේමන්ත බණ්ඩාර   මෙසේ කීවේය.

“ දෙවියන් බුදුන් හා එකමුතුව කරන මෙවැනි උත්තම සද් කාර්යයක් පටන් ගනිද්දි මෙහෙම බාලාංශ වැඩක් කරන්න තරම් මම මුග්ධයෙක් නෙමෙයි. මට මේ පුද්ගලයා එක්ක තරහා මරහා තියනවා තමයි. හැබැයි ප්‍රශ්නයක් නම් මම හැංගි හැංගි ගහන්නෙ නෑ. එළිපිට අතින් පයින් ගහන්නෙ. සිද්ධිය පොලිසියට භාර දෙන්න. නිවැරදි පරික්ෂණයක් කරන්න කියන්න. ඇත්ත හෙළි වේවි.“

යළිත් මතු වුණු නිලමේ අවුල

යළිත් නිලමේවරු පෙරහර සම්ප්‍රදාය අවුල් කළහ. ඒ අවසන් කුඹල් පෙරහර දා රාත්‍රියේ මෙතෙක් පෙරහර සම්ප්‍රදාය තුළ රක්ෂා කරගෙන පැමිණි චිරාගත සම්ප්‍රදායක් බිඳ දමමිනි.

එය සිදුවූයේ මෙසේය.

ඇසිඩ් කෙළිය ඇති වූ බව පෙනුණේ නාථ සහ පත්තිනි දේවාලවල බස්නායක නිලමේ වරුන් අතරය. මෙවර ගැටුම ඇති වී තිබුනේ  විෂ්ණු සහ කතරගම දේවාල නිළමේවරුන්  අතරය. අර්බුදය හට ගත්තේ පසුගිය 18 දාය.

සතර මහ දේවාල වන නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාල අතුරින් විෂ්ණු දේවාලය හැඳින්වෙන්නේ මහදේවාලය ලෙසය. ඉතිහාසගත සම්ප්‍රදාය අනුව , පෙරහර වීථි සංචාරය කර පළමුව පෙරහර අහවර කොට ගෙවදින්නේ දළදා මාළිග පෙරහරය. දළදා මාළිගා පෙරහර නැවත සඳකඩ පහණින් ගොඩවී දළදා මාළිගය තුළට ඇතුළු වීමෙන් අනතුරුව දළදා පෙරහර හමාර වු බව වෙඩිල්ලකින් සංඛේතවත් කෙරෙන්නේය.

පසුව පිළිවෙළට නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාල පෙරහර මාළිගා පරිශ්‍රයේ ඇති දේව සංහිඳ වෙතට පැමිණ නිළමේවරුන් සිවුදෙනා මුණගැසී පෙරහර ඉතාහොඳින් නිමවු බව ත් පසුදින සිදුවිය යුතු වෙනස්කම් ඇතුළු කරුණු සාකච්ඡා මුරට සහ දියට යන පිරිස් සම්බන්ධයෙන් මහා දේවාලයේ නිළමේවරයා ලබා දෙන විධානයන් ගෙන විසිර යාම ඉතිහාසගත සම්ප්‍රදාය බවද කියැවිනි.

නමුත් පසුගිය 18 දා  රාත්‍රියේ මෙම සම්ප්‍රදාය බිඳී ගිය ගියේය. මහදේවාලය හෙවත් විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ කිල්ලට හසුවීම (සමිපතම ඥාතියකුගේ මරණයක්) හේතුවෙන් පළමු රන්දෝලි පෙරහරට පැමිණියේ නැත. ඔහු වෙනුවෙන් පෙරහර ගමනට සහභාගි වූයේ   අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිළමේ ජයම්පති හීන්කෙන්දය.

පෙරහර අවසානයේ සියළුම නිළමේවරු දේව සංහිඳට පැමිණෙන තුරු බලා සිටියද , කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර දේවසංහිඳට නොපැමිණ ජනාධිපති මන්දියරය අසලින් නැවත වතුරමල දෙසට හැරී කතරගම දේවාලය බලා යන්නට ගියේය.

මෙය ඉතිහාසගත සම්ප්‍රදායක් බිඳ දැමිමක් මෙන්ම නිළමේවරයකු විසින් වැරදි පූර්වාදර්ශ ලබාදීමක් බව විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ වරයා වෙනුවට පෙරහරට එක් වුණු ජයම්පති හීන්කෙන්ද නිළමේවරයා  කීවේය.

“ සංහිදට පැමිණෙන සතර මහ දේවාල නිළමේවරු එතැනින් පිටව යන පිළිවෙතක් පවා තිබෙනවා . කතරගම දේවාලයේ නිළමේවරයා එම පිළිවෙත් සම්ප්‍රදායන් සියල්ල බිද දැමුවා. එය ඉතා නුසුදුසු ක්‍රියාවක්. මෙවැනි නිළමේවරුන් සඳහා නැවත තනතුරු ලබා දිමේදි ඔහු මෙතෙක් සම්ප්‍රදායන් ආරක්ෂා කර තිබෙනවාද නැද්ද යන්න පවා සැලකිල්ලට ගත යුතුයි. සමස්ථ බස්නායක නිළමේවරු ඔහු ගේ මෙම ක්‍රියාවට විරුද්ධයි. ..” යැයි ජයම්පති හීන්කෙන්ද ප්‍රකාශ කර සිටියේය.

මේ සම්බන්ධයෙන් විමසන කල කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර කීවේ මෙවැන්නකි.

“ මම මේ වෙද්දි තිස් හත් අවුරුද්දක් පෙරහරේ ගමන්කරනවා. සම්ප්‍රදායන් කැඩුවේ මම නෙවෙයි. විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයායි. රත්වත්තේලා සම්ප්‍රදාය ඉගෙන ගන්න අවශ්‍යයි. පළවෙනි රන්දෝලි පෙරහරට මහදේවාලයේ බස්නායක නිළමේවරයා අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න ඕනැ. ඔහුට පෙරහරට සහභාගි වෙන්න බැරිනම් සිවිල් පිට සංහිඳට ඇවිත් ඉන්න ඕනැ. ගෙදරකට යන්න නම් ගෙදර අයිතිකාරයා ඉන්න අවශ්‍යයයි. ඒ වගේ තමයි මහ දේවාලයේත්. නිළමේවරයා හෝ ඔහු නොමැති නම් ඊට සුදුසු කෙනා එතනට යොදවා තැබිය යුතුයි. රත්වත්තේ නිළමේවරයා නැතිනම් එතනට ඊලඟ සුදුස්සා ලංකාතිලකයෙ බස්නායක නිළමේවරයායි. නමුත් මෙතනට යොදවලා තිබුණේ පිටිසර දේවාලක් වන සමන් දේවාල බස්නායක නිළමේවරයෙක්. මම තමයි සතරමහා දේවාලවලින් ජ්‍යේෂ්ඨතම නිළමේවරයා. මම මොකටද සම්ප්‍රදායන් බිඳින කෙනෙක් ලඟට යන්නේ.“

නිරෝධායන නීති බිඳීම

“දළදා මාලිගාවේ බස්නායක නිළමේවරයා පවා පෙරහරේ ගමන්ගත්තේ මුව ආවරණය කරලා. නැට්ටුවෝ නැටුවේ මුව ආවරණ දාලා. නමුත් විෂ්ණු දේවාලයේ නිළමේවරයා වෙනුවට ගමන්ගත් පුද්ගලයා පෙරහරට මුව ආවරණයක් දැම්මේ නැහැ.“

“ලෝකයේ වසංගතයක් තියෙද්දි අපි පෙරහර කරන්නේ එක අතකින් මාරයත් අනිත් අතින් දෙවියොත් අරගෙන. විශේෂයෙන්ම මේ වන විට විෂ්ණු දේවාලයේ නැටුම් කණ්ඩායම් තුනක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගෙන තිබෙනවා. එවැනි පසුබිමක් යටතේ විෂ්ණු දේවාලය මේ වන විට සෞඛ්‍ය නීති උල්ලංඝණය කරලා. යම් හෙයකින් පෙරහර නිමවු පසුව කොවිඩ් පොකුරක් නිර්මාණය වුණොත් ඊට සම්පූර්ණයෙන් ම වගකිව යුත්තේ විෂ්ණු දේවාලයයි.“

“ අපේ ජීවිත අවදානමට ලක් කරමින් විෂ්ණු දේවාලයේ නිලමේ ලෙස කටයුතු කළ ජයම්පති හීන්කෙන්ද රජයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක්.  ඔහු රටට ආදර්ශයක් දිය යුතුයි. මේ පුද්ගලයා  රටේ ප්‍රධානම මාධ්‍ය ආයතනයක ඉහළ තනතුරකට පත් කළ ඇමතිවරයා තමයි අද සෞඛ්‍ය ඇමතිකම හොබවන්නේ.  ඇමතිවරයාටත් ලජ්ජ හිතෙන්නෙ නැද්ද කියලා ප්‍රශ්නයක්.  සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් පෙරහරේ තමන්ගේ පුරාජේරුව පෙන්වපු මේ නිලමේ වරයා දැන් ඉන්න ඕන නිරෝධායනය කරලා.  ඉතින්  මං සංහිඳට ගියෙ නෑ තමයි.“

කතරගම දේවාලයේ බස්නායක නිලමේ දීර්ඝ විස්තරයකින් පසු කීවේය.

මේ ප්‍රකාශයට පිළිතුරු දුන් එදා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස ගමන් කළ  ජයම්පති හීන්කෙන්ද ප්‍රකාශ කළේ තමන් තරම් පෙරහර සම්ප්‍රදාය කතරගම බස්නායක නිලමේවරයා විසින් නොදන්නා බවය. මුඛවාඩම් දමන්නේ මුරුතැන් පූජාවට පමණක් බව ඔහු කීවේය. විශ්ව ශක්තිය, ත්‍රිවිධ රත්නයේ මහා ආනුභාවය හා දේව කරුණාව සහිත මේ මහා මංගල්‍යයට බැති සිතින් එක්වන අය දෙවියන් විසින්ම ආරක්ෂා කරන බව ඔහු කීවේය.

විෂ්ණු දේවාලයේ මහේන් රත්වත්තේ නිලමේ

අනතුරුව මේ සමස්ථ සිදුවීම පිළිබඳව විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවර මහේන් රත්වත්ත කතා කළේය.

“ මා ඉතා හොඳින් සම්ප්‍රදාය දන්නවා. මාගේ පවුලේ පරම්පරා පහක් පෙරහත් එක්ක සම්බන්ධයි. අබේරත්න රත්වත්තේ, සර් කුඩා රත්වත්තේ,  හැරිස් ලෙවුකේ රත්වත්තේ, අනුරුද්ධ රත්වත්තේ, ඩෙනිස් රත්වත්තෙ, යන සියලු දෙනාම දළදා මාළිගාවේත් සිවු මහා දේවාලවලත් නිලමේ තනතුරු හොබවා තිබෙනවා.“

“ඒ නිසා මට සම්ප්‍රදාය ගැන අයෙක් අමුතුවෙන් කියාදෙන්න උවමනා නෑ. සම්ප්‍රදාය ගැන යමක් මා දන්නේ නැතිනම් දැනට ජ්‍යෙෂ්ඨතමයින් ලෙස කටයුතු කරන නිලමෙලාගෙන් මට ඒවා අසා දැනගත හැකියි.“

“දේව සංහිඳට පැමිණිම පෙරහර අවසානයේ සම්ප්‍රදායක්. යම් හෙයකින් මා එම සම්ප්‍රදාය කැඩුවානම් ගයාන් හීන්කෙන්ද හේමන්ත හේරත්, යන නිලමේවරුත් එදා දේව සංහිඳට එන්නෙ නෑ.“

“මේ සිදුවීමෙන් පසුව මම කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට නියෝග කළා අනිවාර්යයෙන් දේව සංහිඳට පැමිණිය යුතු බවට. මුල් දිනයේ ඔහු සම්ප්‍රදාය කැඩුවත් එතැනින් පසුව ඔහු එය පිළිගෙන දේව සංහිඳට ආවා.“

“අනික් කාරණය අලවතුගොඩ සමන් දේවාලය විෂ්ණු මහා දේවාලය යටතේ තියන පරිවරා දේවාලයක්. ලංකාතිලක, ගඩලාදෙණිය, හඟුරන්කෙත, යන දේවාලත් පරිවාර දේවාල. ඒ අතරින් ජ්‍යෙෂ්ඨතම නිලමේවරයා සිටින්නේ අලවතුගොඩ සමන් දේවාලයේ. ඒ නිසා එහි නිලමේවරයා වන ජයම්පති හීන්කෙන්ද විෂ්ණු දේවාලයට කැඳවා ගත්තා.  එය කිසිම ආකාරයක අතාර්කික තීන්දුවක් නොවෙයි.“

අලි කුලප්පුව

මේ සියලු විකල් හැසිරීම්හි නිමිති යම් යම් සිදුවීම් ඔස්සේ ප්‍රකාශයට පත් වී ඇතැයි මිනිස්සු සිතති.  නවාතැනෙන් ඇද වැටුණු යොවුන් නර්තන ශිල්පියෙක් තවමත් සිහි සුන්ව දැඩි සත්කාර ඒකකයේය. කතරගම දේවාල පෙරහරේ මුල් වරට සිදු වූ අලි කුලප්පුවකින් නොවිසිරී බේරුණු පෙරහර ඊයේ ඉතිහාසයේ පළමු වරට  විසිරී ගියේය. කතරගම හා පත්තිනි දේවාල පෙරහර අවසන් රන්දේලි පෙරහරට අඛණ්ඩව එක් වුණේ නැත.

අලි ඇතුන් සමග කරන දැවැන්ත සංවිධානාත්මක  ප්‍රසාංගික කලාකෘතියක දී    මේ සිද්ධි අභව්‍ය පුදුම සහගතහත ඒවා නොවේ. එහෙත් මේ සිදුවීම්වලට අභව්‍ය අසාමාන්‍ය වටිනාකම් මවන්නේ  දෙවිවරුන් වැඩ සිටිය යුතු භූමි නතු කරගෙන සිටින අශීලාචාර මිනිසුන්ගේ මුග්ධ හැසිරීම් බව මේ සමාජයේ මිනිස්සු කල්පනා කරති.

ශ්‍රී දළදා මාළිගාව වටා ගොණු වුණු සිවු මහා දේවාල 4කි. පරිවාර දේවාල 27කි. මේ දේවාල හොබවන ප්‍රධානීන්ද මේ සමාජයේ මිනිසුන්ය. ඒ බැවින් ඔවුන්ට නඩු හබ තිබෙන්නට පුලුවන. හිරේ විලංගුවේ වැටුනා වන්නටත් පුලුවන. ඒත් කාරි නැත. එහෙත් ඔවුන් අතර ඇති අපරිනත අසංස්කෘතික හැසිරීම් පෙරහර මංගල්‍යය දවස්වලම මතුවී රටට පෙනෙන්නට පටන් ගැනීම නම් අවුලකි.

එහෙත් ඒ අවුලක් නෑ වග පෙන්වා ගෙන පෙරහර හොඳටම කළ හැටි කියන්නට ඔවුන් ජනාධිපති මන්දිරයට යෑම මේ පෙරහරේ දරාගන්නම බැරි අවස්ථාව ය.

කිසිම මාධ්‍යයකට විවර නොකර මේ අවස්ථාවේ ඒ සිරිමත් මෙහොතෙ පැවැත්වෙන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – සජබය රජයෙන් ඉල්ලයි

Next Post

ඇස්ට්‍රාසෙනෙකාවලින් ඩෙල්ටාවට එරෙහිව මෙරට තුළදී සියයට 95ක ප්‍රතිශක්තියක්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.