මහනුවර උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනිය සම්බන්ධයෙන් ඉතා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තීරණය වී තිබේ.
ඒ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයාට ද ලිඛිතව දැනුම්දී ඇතැයි ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය වූයේය.
විදුහල්පතිනියට එරෙහිව මානව හිමිකම් කොමිසමේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ද පැමිණිලි 08 ක් ලැබී තිබෙන බව ද ඇයගේ ක්‍රියා කලාපය හේතුවෙන් සිසු දරුවන්,ගුරුවරු හා සෙසු කාර්යමණ්ඩලය දැඩි පීඩනයකට ලක්ව සිටින බවට ලද පැමිණිලි මත අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පළාත් අධ්‍යාපන ලෙදපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද මෙහිදී හෙළිදරවු වූයේය.
මෙම විමර්ශන වල තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මහනුවර සම්බන්ධීකරණ කමිටුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා මේ බව අනාවරණය කළේය.
මහනුවර උසස් බාලිකා විදුහලේ පරිපාලනය සම්බන්ධයෙන් නැගෙන පැමිණිලි සම්බන්ධව කඩිනමින් තීරණයක් නොගතහොත් මෙම පාසල ද නුගවෙල මධ්‍යමහා විදුහල මෙන් කඩා වැටීමකට ලක්විය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දුන්නේය.
විදුහල්පතනියගේ පරිපාලන විෂමතා සම්බන්ධව තමන්ට ද පැමිණිලි ගණනාවක් ලැබී තිබෙන බවත් ඒ පිළිබඳව අගමැතිනිය හා අධ්‍යාපන ලේකම් සමඟ සාකච්ඡා කළ බවත් මෙහි දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් කීවේය.







