මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ජූලි මස 25 වැනි දින පෙරවරු හයයි පහට යෙදෙන සුභ මොහොතින් සිව් දේවාල යන් හි කප් සිටුවීමෙන් ආරම්භ කෙරේ.
ඒ අනුව පළමු කුඹල් පෙරහර ජූලි මස තිස් වැනි දින පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතය.
පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු හතරවන දින සිට පැවැත්වෙන අතර අවසන් මහ රන්දෝලි පෙරහර අගෝස්තු මස අටවෙනි දින රාත්‍රියේ විදිය සංචාරය කෙරෙනු ඇත.
අගෝස්තු මස 9 වැනි දින අලුයම දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව සතර මහරහත් දේවාලයන්හි දායකත්වයෙන් දිවා පෙරහැර පවත්වා එදිනම පස්වරුවේ යළි මාලිග පරිශ්‍රයෙන් ගෙවැද පෙරහර නිම කිරීමට නියමිතය.







