අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

by editor
මැයි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්,  ගෝල්ෆේස් අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් මේ වනවිට  අධිකරණයේ විභාග වෙමින් ඇති  නඩුවේ  අධිකරණ කටයුතුවලට ඇඟිලි ගැසීමක් සිදුකිරීමට උත්සාහ කළේ ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය  අගවිනිසුරුවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන්  ඉල්ලා ඇත.

විරෝධතාකරුවන්ට පහර දිමේ සිද්ධියට අදාල නඩු සම්බන්ධයෙන්    අධිකරණයේ කටයුතුවලට මැදිහත් වීමට ජගත් අයිවිස් උත්සාහ කළ බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් නීතිඥ සංගමය දීර්ඝ ප්‍රශ්නකිරීමක් සහිතව මෙම ලිපි අගවිනිසුරුවරයා වෙත සහ නීතිපතිවරයාට යොමු කර තිබේ.

මැයි 09 වැනි දින ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රචණ්ඩත්වයට පහළ අධිකරණ විනිසුරුවරුන් වගකිව යුතු බවට එම නිලධාරියා චෝදනා කර ඇති බව එම ලිපිවල සඳහන් වේ.

ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට සහ නීති වෘත්තියේ සාමාජිකයින්ට අසත්‍ය චෝදනා කරමින් අධිකරණය සහ නීතිඥ මණ්ඩලය අපකීර්තියට පත් කිරීමට   ඇතැම් පාර්ශ්වයන්  ඒකාබද්ධ උත්සාහයක නිරතවන බව  ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපියේ සඳහන් කර ඇත.

ඇතැම් අවස්ථාවල දී අධිකරණ නිලධාරීන් විසින් කරන ලද නියෝගවලට අවනත නොවන මට්ටමට මෙම තත්වය වර්ධනය වී  ඇති බව ද නීතිඥ සංගමය පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම සංගමය පෙන්වා දෙන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා එවැනි     ලිපියක් අගවිනිසුරුවරයාට සහ නීතිපතිවරයාට සත්‍ය වශයෙන්ම යවා තිබේ නම් එයත් අධිකරණය අපකීර්තියට පත් කිරීමට දරන උත්සාහයේ කොටසක් විය හැකි බවය.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ සාධාරණ සහ නිදහස් සමාජයක් සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බැවින් යුක්තිය පසිඳලීමට නීතිවිරෝධී ලෙස මැදිහත් වීමට දරන ඕනෑම උත්සාහයක්  සම්බන්ධවම  ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස සංවේදී බව ද එහි දක්වා තිබේ.

අධිකරණයට ඇඟිලි ගැසීමක් ලෙස සැලකෙන ඕනෑම උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස යුක්තිය පසිඳලීම පිළිබඳ  මහජන විශ්වාසය නැති වී යා හැකි  බව නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

“ඉහත සඳහන් තත්ත්වයන් තුළ එවැනි ලිපියක් ලැබී තිබේද යන්න පිළිබඳව අගවිනිසුරුවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් අපි ගෞරවයෙන් පැහැදිලි කිරීම් ඉල්ලා  සිටිමු.“ ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි. මේ සම්බන්ධයෙන් දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුම්වත් කරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

Next Post

ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.