සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මලෙයිගම් ප්‍රජාවගේ දෛනික වැටුප මේ වසර තුළ ‍කෙසේ හෝ රුපියල් 1750කට වැඩි කරනවා… ජනපති සහතික වෙයි!

by editor
ඔක්තෝබර් 12, 2025
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

වසර ගණනාවක් තිස්සේ දෛනික වැටුප ලෙස රුපියල් 1750ක වැටුපක් ඉල්ලා සිටින මලයගම් ප්‍රජාවේ  ඉල්ලීම මේ වසර තුළ කෙසේ හෝ ඉටු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක තහවුරු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක   මේ බව සඳහන් කළේ මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදි එක් වෙමිනි.

ජනාධිපතිවරයා එහිදී මෙසේ ද කීවේය.

“මීට අවුරුදු 202කට පෙර ඒ ජනතාව ශ්‍රි ලංකාවට එන ගමනේ දීත් විශාල ප්‍රමාණයක් තැනින් තැන ලෙඩරෝග විවිධ උපද්‍රව හේතුවෙන් මිය ගියා. ඇත්ත ගත්තොත් මේ අවුරුද 202ත් ඔවුන් මිය යමින් ජීවත් වෙනවා.”

ඒ නිසා ආණ්ඩුවක් හැටියට සමාජයක් හැටියට අපට වගකීමක් තියනවා එම ජනතාවගේ මූලකි උවමනාවන් සම්පූර්ණ කර දී    ඔවුන්ට සැපවත් ජීවිතයක් ලබා දීමට.

එහිදී අපට ක්ෂේත්‍ර කීපයක් කෙරෙහි අවධානය යොමු වෙලා තියනවා.   අපේ රටේ බිම් අඟලක් හිමි නොවන ජන ප්‍රජාවක් මේ අතර ඉන්නවා. ඔවුන්ට ඉඩමක හිමිකම, නිවාසයක හිමිකම  ලබා දීම රාජ්‍යයක වගකීමක්. ඒ සඳහා අපේ නිවාස ඇමති තුමාත් වැවිලි කර්මාන්ත ඇමති තුමත් විශාල වෙහෙසක් දරනවා. අපිට එම කාර්යය ඉටු කිරිම සඳහාවන වැඩපිළිවෙළක ඉන්නවා.”

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

“දෙවන කරුණ තම ජීවිතය සාධාරණ ලෙස පවත්වා ගැනීම සඳහා සාධාරණ වැටුපක් ලබා දිය යුතුයි. දිගු කාලයක් සිට දවසක රුපියල් 1750ක ඉල්ලීමක මෙම වත්තේ වැඩ කරන ප්‍රජාව ඉල්ලමින් සිටිනවා.”

“අප කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුළත එම හිමිකම ලබා දීමට කටයුතු කරනවා…”

විශේෂයෙන් කෘෂ භාවය මන්දපෝෂණය සෞඛ්‍ය අනාරක්ෂිත භාවය ඇත්තේ මළයගම් ප්‍රජාව තුළ බවත්, වතු රෝහල් රජයට පවරා ගෙන නියමිත වෛද්‍යවරුන් කාර්ය මණ්ඩල සහ ඖෂධ ලබා දී මලයගම් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව අස්ථාවර භාවය නැති කර එම පහසුකම් තහවුරු කරන බවත් කී ජනාධිපතිවරයා  ජනතාවගේ සෞඛයේ වගකීම ඇත්තේ කොම්පැණියකට නොව රජයට බව අවධාරණය කළේය.

අධ්‍යාපනය හා දුප්පත්කම අතර දැඩි සම්බන්ධයක් ඇති බව කී ජනාධිපතිවරයා පැවසුවේ නූගත් නම් දුප්පතෙක් මෙන්ම දුප්පත් නම් නූගතෙක් බවය. ඔහු කීවේ ප්‍රජාවක් දුගී භාවයෙන් මුදවා ගැනිමේ දී වැදගත්ම දේ අධ්‍යාපනය බවය. වතු ආශ්‍රිත පාසල්වල බිඳවැටීම ගැන අපි අධ්‍යනයන කර ඇති බව කී ජනාධිපතිවරයා සැම දරුවෙකුටම සම අධ්‍යාපන අයිතිය ඇති බවට තහවුරු කළ යුතු බව කීවේය.

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී තම ඥාතීන් සහ අසල්වැසියන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමින්, මලෛයගම් ජන ප්‍රජාව තැබූ අපේක්ෂා කිසිවිටෙකත් බිඳ වැටීමට ඉඩ නොතබන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ට හිමි ආර්ථික මෙන්ම සමාජ ජිවිතයද දිනා දීමට රජය කැප වී කටයුතු කරන බව සඳහන් කළේය.

එහිදී එම ජනතාවගේ සෞඛ්‍ය අයිතීන් දිනා දීම, පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ අයිතිවාසිකම තහවුරු කිරීම මෙන්ම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සහ වතුකරයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම කෙරෙහිද රජය සුවිශේෂී අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය යතාර්ථයක් කිරීම උදෙසා හැටන් ප්‍රකාශනයට අනුව යමින් මලෛයගම් ප්‍රජාවගේ නිවසක් සඳහා වන අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක නිවාස 10,000ක වැඩසටහනේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා හිමිකම් පත්‍ර ලබා දීම මෙහිදී සංකේතාත්මකව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

කඳුකර ප්‍රදේශවල වතු ආශ්‍රිතව පදිංචිව සිටින මලෛයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙන්ම ආරක්ෂිත පරිසර හිතකාමී මූලික පහසුකම් සහිත නිවාස ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන අතර මෙම එක් නිවසක් සඳහා ඉන්දීය රජය විසින් රුපියල් ලක්ෂ 28ක මුදලක් සහ ශ්‍රී ලංකා රජය විසින් නිවසේ යටිතල පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 04ක මුදලක් වැය කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

2024 වසර සඳහා රජයේ රෝහල්වලට නිකුත් කළ කෝටි 421කට වැඩි ඖෂධ හා ශල්‍ය උපකරණ තත්ත්වය අසමත්වී නිසා ඉවත් කරලා…. විගණනය හෙළි කරයි…

Next Post

සජිත්ට වඩා හොඳට විපක්ෂ නායක භූමිකාව නාමල් කරනවා… ලාල් කාන්ත කියයි!

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.