අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණ 07ක් වාර්තා කළ අන්තවාදී ආගමික කල්ලියේ තවත් අනුගාමිකයෙක් වහ බීලා…

by editor
ජනවාරි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න-

ආගමික දේශන පවත්වා මියගිය බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ  අවමංගල උත්සවයට සහභාගි වු බව කියන දිඹුලාගල සිරිපුර අංක 31 පළුදෙනිය ලිපිනයේ පදිංචි, 26 වියති එක්දරු පියෙක් පෙරේදා ( 03 )   සවස වස පානය කිරීමෙන් දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව සිරිපුර පොලිසිය කියයි.

මෙලෙස වස පානය කර දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන්නේ, අංක 31 පළුදෙනිය, සිරිපුර ලිපිනයේ පදිංචිව සිටි උනප්පුවේ ගෙදර සසිඳු අමල්ක විමලරත්න අය බව පිළිබඳ පරීක්‍ෂණ කරන සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජීී.ආර්.ජී නෙත්තසූරිය   අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඔහු සමග ඇගේ බිරිදද ආගමික   දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අවමංගල කටයුතු සඳහා ගොස් ඇති අතට එම ගමනට නුවරගල ප්‍රදේශයේ පස්දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද පරීක්‍ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.

වසබී  දෙහිඅත්තකන්ඩිය රෝහලේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන පුද්ගලයා දේශනවලට සහභාගි වූවාද නැද්ද යන්න මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකී වු බවත්, අවමංගල කටයුතුවලට සහභාගි වූ කාන්තාවක් ප්‍රදේශයේ ආගමික මතයක්  පතුරුවමින් දේශන කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරු තහවුරු වී ඇති බවත් සිරිපුර පොලිසිය කියයි.

දේශන පැවැත්වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල් වරයෙකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලියට සිටි ඇති බවද පරීක්ෂණවලින් තහවුරු ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආ‍ර්.ජී. නෙත්තසුරීය   අප කල විමසමකදී පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් 28 හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක්, භාවිතා කර සියදිවි හානි කරගෙන තිබූ බවත්, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා එලෙසම සියදිවි හානි කරගෙන තිබුණි.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සහභාගි වූ කිහිප දෙනකු පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සිටින බවට මෙවන විට තොරතුරු  අනාවරණ වෙමින්  පවතින බවද ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් ආස්මඩලගේ මෙහෙයවීමෙන් සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී,ආර්.ජී. නෙත්තසූරීය  ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

අප මෙම සමාජ ඛේදවාචකය පිළිබඳ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙලෙස අදහස් දැක්වූහ.

“මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගැන අමුතුවෙන් ඔබට කිව යුතු වන්නේ නැහැ. කිසිම ආගමික දර්ශනයක මනුෂ්‍ය ඝාතනය හෝ සිය දිවි නසා ගැනීම තහවුරු කරන්නේ නැහැ. ලංකාවේ මෑත කාලීනව විවිධ ආගමික මත දරන විවිධ ආගමික අන්තවාදීන් විවිධ අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් ඒ සඳහා අනුගාමිකයින් පොළඹවා ගනිමින් තම මිථ්‍යාදෘෂ්ටික ආගමික අදහස් ඉටුකරගැනීමට කටයුතු කරන බවක් පේන්න තියෙනවා. ඊට හොඳම නිදසුනක් තමයි රුවන් ප්‍රසන්න ගුණරත්න නම් පුද්ගලයාගේ අන්තවාදී ඉගැන්වීම්. “

“මෑතක ඔහු තම දේශනා තුළින් අන්තවාදී ඉගැන්වීම් සිදු කරමින් සියදිවි නසාගෙන හෝ මෙලොව ජීවිතයෙන් සමුගෙන වඩා යහපත් මතු භවයක් ලබන්න කටයුතු කිරීම සඳහා තම අනුගාමිකයින් පොළඹවා ඇති අතර මේ වන විට ඔහු, ඔහුගේ පවුලේ සියලු දෙනා ඇතුලුව 07 දෙනෙකුට එහා අනුගාමිකයින් සියදිවි නසාගෙන ඇති බව තොරතුරු වාර්තා වෙනවා. “

“බුදු දහමේ සියදිවි නසාගැනීම ප්‍රාණඝාතයක් ලෙසයි සැලකෙන්නේ. සියදිවි නසාගැනීම මනුෂ්‍ය ඝාතනයක් කළා හා සමානයි. ඒක නිසා මේ මොහොතේ ඔහුගේ දේශන වලට සම්බන්ධ වූ සැමටත් පොදුවේ සියලු මහජනතාවටත් සිහිපත් කර සිටින්නේ ආගමික මුවාවෙන් සිදුකරන අන්තනවාදීන්ගේ මිථ්‍යාදෘෂ්ඨික පුහු ඉගැන්වීම්වලින් මිදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම්ගෙන අවබෝධයෙන් කටයුතු කරන ලෙසයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පලාතේ ආර්ථිකය ස්වාධීනව  ගොඩනගන්න බැරිනම්  බලය කුමට ද?.. 13 වන සංශෝධනය මඟින් ලබා දී ඇති බලතල  පළාතේ  සංවර්ධනය සඳහා  යොදවන්න..

Next Post

ගෑස් නෑ… බොරැල්ල කනත්තේ අදාහන කටයුතු දින දෙකක් නවතී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.