මන්නාරම් ද්‍රොණියේ ගවේශන බිම් කොටස් හතරක ගවේශන සහ ස්වභාවික වායු ගවේශනය සහ නිශ්පාදන යෝජනා සඳහා අලෙවිකරණ උපදේශකයෙකුගේ සහාය ලබා සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
“2011 වසරේ දී කෙයාන් ලංකා සමාගම විසින් සිදුකළ ගවේශන සහ කැනීම්වලට අනුව මන්නාරම් ද්‍රෝණියේ එම්2 ගවේශන බිම් කොටසේ ස්වභාවික වායු නිධි දෙකක් සොයාගෙන තිබුණා. ශක්‍ය හයිඩ්රො කාබන් පද්ධති දෙකක් සොයාගෙන තිබුණා. 2021 අංක 1 දරණ ඛණිජ තෙල් සම්පත් පනතේ විධි විධාන අනුව සහ රෙගුලාසි මගින් නියම කර ඇති විධි විධානවලට අනුකූලව අක්වෙරළ ඛනිජතෙල් සහ ස්වභාවික වායු ගවේශන බිම් කොටස් සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ශ්‍රි ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරියට බලය පැවරී තිබෙනවා.”
“ඒ අනුව මන්නාරම් ද්‍රෝනියේ බිම් කොටස් 4 හි ස්වභාවික වායු සහ ඛනිජතෙල් ගවේශනය සහ නිශ්පාදනය සඳහා ආයෝජනා යෝජනා කැඳවීමට බලපත්‍ර වටයක් ක්‍රියාත්මක කිරීමටත්, එම කාර්ය සඳහා පලදායී ආයෝජන වටයක් ක්‍රියාත්මක කිරීම පිනිස සුදුසු අලෙවි කරණ උපදේශකයෙකුගේ සහාය ලබා ගැනීමටත් බලශක්ති ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
එහිදී මාධ්‍ය ප්‍රකාශ කළේ 2011 වසරින් පසු ආයතන සහ සමාගම් කීපයක් මන්නාරම ද්‍රෝණියේ ඛණිජ තෙල් ගවේශනය කර ඇති පසුබිමක කැබිනට් අනුමැතිය ලබා දීමට 2011 ගවේශනය පදනම් කරගත්තේ කුමණ හේතුවක් නිසා දැයි පැහැදිලි කරන ලෙසය
බලශක්ති ඇමතිතුමා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මන්නාරම් ද්‍රෝණියේ එම්.2 බිම් කොටසේ හයිඩ්‍රොකාබන් පද්ධති තිබීමේ ශඛ්‍යතාවයක් සහිත බව කියැවෙන ගවේශන තොරතුරු මත පදනම්ව ස්වභාවික වායු සහ ඛණිජතෙල් ගවේශනය සහ නිශ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවන්න.
මීට කලින් හෝ මීට පසුව ගවේශනය කළ අයට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න පුලුවන්. 2011 සම්බන්ධ කළේ ඔවුනුත් මේකේ යම් ගවේශනයක් කරලා යම් තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියන නිසා. ඒක ගවේශනයක් සහ නිශ්පාදන ක්‍රියාවලියකට යන්න යෝජනා කැඳවීමක් තමයි මේ කරලා තියෙන්නේ. .
ඊලඟ පියවරේ දී අලෙවි කරණයට උපදේශකයෙකුගේ සේවය ලබා ගන්නත් බලශක්ති අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා. යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ මේ ක්‍රියාවලිය ආරම්භ කරන්න අනුමැතිය ලබා ගන්න. මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කීරීමේ අරමුණ ආයෝජකයන් සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දීම. ” ඇමතිවරයා පැවසුවේය.







