බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටිය වැලි නිධි කොන්ත්‍රාත් ගන්න පැමිණි කොන්ත්‍රාත්කරුවන්ව පාරම්පරික වැලි තොටුපල හිමියන් සහ සේවකයින් එක්ව පළවා හරිති!

by editor
සැප්තැම්බර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

පොලොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ ජල පොම්පාගාරය පිහිටි ප්‍රදේශයෙන් දෙවන අදියර යටතේ ටෙන්ඩර් ක්‍රමයක් මගින් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට හා දේශපාලන ආධාරකරුවන් පිරිසකට වැලි මංකඩ ලබාදීම සඳහා පරීක්ෂණයට පැමිණි  නිලධාරීන්ට එහි යාමට ඉඩනොදි, වාහනවල රෝදවලට ගෙල තබාගෙන, බිම වාඩි වී ටෙන්ඩර් ක්‍රමය වහාම හකුලා ගන්නා ලෙසට බලකරමින් මනම්පිටිය පාරම්පරික වැලි මංකඩ හිමියන් සහ වැලි කම්කරුවන් පිරිසක් අද (08)  දහවල් විරෝධතාවයක නිරතවූහ.

වනජීවී දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය, පරිසරවේදීන් ඇතුළු මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදමන පෞද්ගලික සමාගමක නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂාවට පැමිණ සිටි අතර එහිදී දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ අතර පරීක්ෂාවෙන් අනතුරුව එම නිලධාරීන්ට වාහනවලින් යාමට ඉඩ නොදී මග අවහිර කරමින් වැලි ගොඩ දමන කම්කරුවන් සහ මංකඩ හිමියන් මෙම විරෝධයතාවය පළ කළහ.

මනම්පිටිය මහවැලි ගඟේ ජල පොම්පාගාරය පිහිටි ප්‍රදේශයෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට, ධනපතින්ට මෙන්ම දේශපාලන ආධාරකරුවන්ට මංකඩ ලබාදීමෙන්, ජල ගැලීම් ජාතික වනෝද්‍යානයේ සැරිසරන වන සතුන්ට, අලි ඇතුන්ටත්, ප රිසරයටත්, ජල   පොම්පාගාරය හරහා පානීය ජලය ලබාගන්නා පොලොන්නරුවේ පවුල් 25,000 කටත්   උග්‍ර පානීය ජල අර්බුදයට මුහුණ   දීමට සිදුවන බවද විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.

මේ වනවිට මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමෙන් පවුල් 15,000  ක පුද්ගලයන් 50,000 අධික පිරිසක් දිවිගැට ගසා ගන්නා බවත්, මෙම ටෙන්ඩර් ක්‍රමය මගින් දෙවන අදියර යටතේ මංකඩ ලබාදුනහොත් තමන්ගේ රැකියා අවස්ථා පවා අහිමි වනු ඇති බවත්  විරෝධතාකරුවෝ සඳහන් කළහ.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙම ක්ෂේත්‍ර පරීක්ෂාවට පැමිණි  පෞද්ගලික සමාගමේ ස්ථානභාර නිලධාරි  එම්.සී,එම්. හසන්ගෙන්    අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මාධ්‍යයට පිළිතුරු සැපයීමට නොහැකි බවත්, වැලි මංකඩ ලබාදීමට පරීක්ෂාවක් සිදු නොකෙරූ බවත්ය.

මේ පිළිබඳව කළ විමසීමක දී  වැලි නිධි පැවතීමෙන් ගංවතුර කාලවලදි මහවැලි ගඟ අවට ගම්මාන යට වන බවට අධිකරණයට අසත්‍ය කරුණු වාර්තා කරමින්, මෙම ප්‍රදේශයේ තිබෙන වැලි කැණීම් කිරීමට දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් සූදානම් වන බවත්, වන සතුන් සැරිසරන ජල ගැලීම් ජාතික වනෝද්‍යානයේ, මහවැලි ගඟේ  වැලි කැණීම් කිරීම වෘක්ෂලතා ආඥාප පනත  යටතේ බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, කිසිදු කමිටුවකින් මෙම ප්‍රදේශයේ වැලි ගොඩදැමීමට අනුමැතිය ලබාදී නොමැති බවත්   සමස්ත ලංකා වනජීවී වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොම්පැණි කාරයින් අතේ නැටවෙන විනිසුරුවරුන් නිසා මැරී වැටෙන කම්කරුවන් වෙනුවෙන් කම්කරු නීතිය ක්‍රියාත්මක කරගන්න බැරි හැටි ඇමති මනුෂ පාර්ලිමේන්තුවේ දී කියයි….

Next Post

චැනල් ෆෝ කියන්න පෙර  පිල්ලෙයාන්ගේ මිනීමරු ට්‍රිපෝලි කණ්ඩායම ගැන වත්මන් ජනපතිත් දැනගෙන හිඳලා… හකීම් පාර්ලිමේන්තුවේ දී කියයි!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.