මධ්‍යම අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්තගේ බිරිය යූ විශ්වවිද්‍යාල කථාකාචාර්යනී සතිෂා නිලන්ති ද අද (26) ජීවිතක්ෂයට පත්වූවාය.
ඇය එම රිය අනතුරින් බරපතල ලෙස තුවාල වීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.
පසුගිය දා මෙම කථිකාචාර්ය යුවල සිය කුඩා තුන් නිවුන් දරුවන් සහ පවුලේ උදවිය සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී මධ්‍යම අධිවේගී මාර්ගයේ දී මෙම බිහිසුණු අනතුරට මුහුණ දුන්නේය. ඒ ඔව්නු ගමන් ගත් වෑන් රථය ඉදිරියෙන් ගමන් කළ ලොරියක පසුපස ගැටීම නිසාය.
අනතුරෙන් ආචාර්ය ගයන්ත ඒ අවස්ථාවේ දීම ජීවිතක්ෂයට පත් විය. අනතුරින් තුවාල ලැබූ , බිරිඳ සතීෂා, ඇයගේ බාල සහෝදරයා හා සහ මව දරුවන් තිදෙනා ද සමග කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළේය. සතීෂා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර ඇයගේ මව හා දරුවන් තිදෙනා ම සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණි.
සතීෂාගේ බාල සහෝදරයා ද අනතුරින් බරපතල තුවාල ලබා පසුවූයේ දැඩි සත්කාර ඒකකයේ ය. ඔහු ද පසුගිය දා ජීවිතක්ෂයට පත් විය. අනතුරේ තුන්වන මරණය ලෙස අද දිනයේ ජීවිතයෙන් සමු ගත් කථිකාචාර්යනී 42 සතීෂා නිලන්ති 42 හැවිරිදි වියේ පසුවූවාය.







