සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 16 හැවිරිදි තරුණයෙකු අතින් 75 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය වෙයි!

by editor
පෙබරවාරි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් සහ ත්‍රිරෝද රථය කොල්ලකෑමේ අරමුණින් 75 හැවිරිදි රියදුරෙකු ඝාතනය කළ මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ 16 හැවිරිදි තරුණයෙකු පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම, තිල්අඩිය – රත්මල්යාය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු විසින් සිදුකළ පාපොච්චාරණයකට අනුව මෙම ඝාතනය අනාවරණය වී ඇත.

පසුගිය 21 වැනිදා රාත්‍රී 9.30 ට පමණ සිය ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් සඳහා පිටත්ව ගිය අබ්දුල් ලතීෆ් නම් 75 හැවිරිදි පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව තිබුණි.

ඊයේ (22) උදෑසන පුත්තලම අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක් තුළ තිබී මොහුගේ සිරුර හමුවූ අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ පුළුල් විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ අදාළ 16 හැවිරිදි සැකකරු සමඟ මරණකරු එම කුලී ගමන පිටත්ව ගොස් ඇති බවයි.

සැකකරු විසින් රියදුරුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඔහුව ඝාතනය කර සිරුර කාණුවට දමා ත්‍රිරෝද රථය පැහැරගෙන ගොස් තිබේ. අනතුරුව එම රථය පුත්තලම මුල්ලෙයි නිවාස සංකීර්ණයේ දේවස්ථානයක් අසල අතහැර දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

පොලීසිය විසින් සැකකාර තරුණයාව ඔහුගේ නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව තහවුරු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාර වැඩේ තමයි උනේ… අපිට වෙච්චි දේ ඉන්දියාවටත් වෙයි! ලකුණු 77කින් දකුණු අප්‍රිකාවට පරදියි…

Next Post

මනම්පිටියේ දුෂ්කර ගමක මාර්ගයක් සදා නිමකර දී නික්ම යන්නට සැරසුන ජපනයේ සරසවි සිසු පිරිසක් වැළඳගෙන ගම් වැසියෝ හඬා වැටෙති…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.