දිනසේන රතුගමගේ –
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි යාපනයේ තරුණයෙකු අධික ප්‍රමාණයෙන් මත්ද්‍රව්‍ය පානය කිරීම නිසා ඊයේ (5 ) ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ තෙලිප්පලෙයි, කල්ලුවන් බටහිර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු ඉදිකිරීම් සමාගමක සේවය කළ අයෙකි.
අධික ලෙස මත්ද්‍රව්‍ය ලබා ගැනීමෙන් පසුව නොසන්සුන් වූ මේ තරුණයාව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඉන් පසුව ඔහු මියගොස් තිබේ.
මියයාමට පෙර එම තරුණයා පොලීසිය කළ ප්‍රශ්න කිරීම් වලදී අවසන් වරට යාපනයෙන් මත්ද්‍රව්‍ය මිලට ගත් ස්ථානය හා පුද්ගලයින් පිළිබදවද තොරතුරු ප්‍රකාශ කොට ඇති අතර තෙලිප්පලෙයි පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් පසුව ඔහුගේ මෘත දේහය ඥාතීන් වෙත බාර දී ඇත.







