හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2150 ක් සමග අධිකරණය ඉදිරිපත් කිරීම සඳහා ගෙන ගිය සැකකරුවෙකු අද (05) දහවල් මහනුවර අධිකරණ සංකීර්ණයේ දෙවැනි මහලෙන් බිමට පැනීමෙන් බරපතළ තුවාල ලැබ මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.
මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් සැකකරු මහනුවර පොලීසිය ඉදිරිපිට දී ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
ඔහු අධිකරණ සංකීර්ණයේ දෙවැනි මහලින් බිමට පැන ඇත්තේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලීසිය විසින් රැගෙන ගොස් සිටියදීය.
දෙවැනි මහලින් බිමට පනින ලද සැකකරු තුවාල ලැබ සිටිය දී පොලිස් නිලධාරීන් 1990 ගිලන් රථයකින් රැගෙන ගොස් ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි