තමන් විසින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම විකෘති කර බවත්, එවැනි කටයුත්තක් නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් විමල් වීරවංශ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව තමා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ගොස් ඊයේ (09) සියලු තොරතුරු සමඟින් සම්පූර්ණ ප්‍රකාශය දුන් බවය.
පැය තුනක් පුරා ලබා දුන් එම සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් හිතාමතාම පොලිසියට අවශ්‍ය පරිදි සංස්කරණය කර මාධ්‍ය වෙත ලබා දී ඇති බව විමල් වීරවංශ පවසයි.
මේ පොලිස් සංශෝධනය මගින් පොලිසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ඇතිවන බව ද විමල් වීරවංශ සිය සටහනේ දක්වා ඇත.
සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවයද ප්‍රශ්නයට ලක්කර ගන්නා බව පවසන විමල් වීරවංශ මෙම හැසිරීමෙන් ප්‍රකාශ වන්නේ නීතිගරුක පොලිසියක් නොව ආණ්ඩුව මඩ බලකායක් බව කියයි.
විමල් වීරවංශ විසින් පළ කළ ප්‍රකාශය පහත දැක්වේ…
පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය…








