අද ආණ්ඩුව පොහොට්ටු මන්ත්‍රීවරුන් සමග එක්ව මහබැංකු අධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඒ ගජ මිතුරෙක්ව මහ බැංකු අධිපති ධුරයට පත්කර ගැනීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇතැමුන් වර්තමාන මහ බැංකු අධිපතිවරයාගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඉතිහාසයෙදි ද්විත්ව පුරවැසියන් මහ බැංකු අධිපති බවට පත් කළේ කවුදැයි රටම දන්නා බවත් පැවසීය.
ඒ මහ බැංකු අධිපතිවරයා මගුල් ගෙදරකට යන බව පවසා රටින් පිටවූ බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා අද වනතුරු ඔහුව රටට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව ද පැවසීය.
මහබැංකු අධිපතිවරයාට එරෙහි කුමන්ත්රණයේ ඊළඟ පියවර වන්නේ එදා රටින් පලාගිය මහ බැංකු අධිපතිවරයා නැවත ගෙන්වාගෙන මහ බැංකුව භාරදීමට දැයි තමන්ට සැකයක් ඇති බව පැවසූ ඔහු ඊට අමතරව මොනතරම් මුදල් අච්චු ගැහුවත් උද්ධමනය ඉහළ යන්නේ නැති බවට පවසා අන්තනෝමතික ලෙස හැසුරුණු මහ බැංකු අධිපතිවරයෙක් මේ රටේ සිටි බවද අමතක නොකළ යුතු යැයිද පැවසීය.
“රටේ ජනතාව රටේ පාලකයින්ට ලබා දෙන්නේ තාවකාලිකව භාරකාරත්වයක් . භාරකරුවන්ට රට කාබාසිනියා කිරීමට ඉඩ දිය නොහැකියි රටේ තාවකාලික භාරකාරීත්වය මිස රාජපක්ෂලාගේ භාරකාරීත්වය තමන්ට බාර ගන්න බෑ . මම රාජපක්ෂලාගේ බොඩිගාඩ් කෙනෙක් නෙවේ.ආණ්ඩුවට එක්වූ ඇතැම් දේශපාලන අවස්ථාවාදීන් ඔවුන්ගේ නම වෙන්දේසි කර ගත්තාවතරක් නෙවෙයි “ යයිද පැවසීය.
සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසන බලමණ්ඩල රැස්වීම අද (03) පැවැත්විණි.
අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති එම රැස්වීම සංවිධානය කොට තිබුණේ එහි ප්‍රධාන ආසන සංවිධායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා විසිනි.
ඊට සමගාමීව සමගි ජන බලවේගයේ අක්මීමන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාව ද අද සිදුවිය.
තමන්ගේ දේශපාලන අවස්ථාවාදීකම පෙන්වමින් ඇතැම් පාර්ශ්ව එක් වී සිටින්නේ අසූචි නැවට වන්දි ගෙවපු, සීනි වංචාවට සම්බන්ධ, පොල්තෙල් වංචාවට සම්බන්ධ, ගල් අගුරු වංචාවට සම්බන්ධ හොර ආණ්ඩුවක් සමග යැයි පැවසූ විපක්ෂ නායක ප්‍රේමදාස මහතා , තමන්ට ආසයි බයයි යැයි චෝදනා කළ අයට කියන්නට ඇත්තේ ආසයි බයයි නොව තමන්ට ලැජ්ජා බය තියෙන බව යැයි ද පැවසීය.