ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ රජයක් යටතේ පළාත්වලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීම සිදු නොකරන බව එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
උතුරු නැගෙනහිර ජනතාවට බොරු පොරොන්දු ලබා නොදෙන බව නාමල් රාජපක්ෂ කියා සිටියේ ඊයේ (22) අනුරාධපුරයේ පැවති සිය මංගල මැතිවරණ රැලියට එක්වෙමිනි.
කළ හැකි දේ කළ හැකියැයි පවසන බවත් කළ නොහැකි දේ කළ නොහැකි බව ඍජුව පවසන බවත් ඔහු සඳහන් කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන බවද නාමල් රාජපක්ෂ කීවේය.
බෞද්ධ රටක සියලු ආගම් ,භාෂා සහ ජනතාව ආරක්ෂා කරන බවද ඔහු අවධාරණය කළේය. .
තමන් අභියෝගවලට බිය නොවන බවද මේ රටේ අනාගතය නිර්මාණය කරන තාක්ෂණික ලෝකය වෙත තරුණ පරම්පරාව රැගෙන යමින් ස්ථාවර ආර්ථිකයක් සහිත දියුණු රටක් උරුම කිරීමට සපථ වන බව ද ඔහු පැවසුවේය.







