බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ iii වන අදියර ලෙස කිරුළපන මංසන්ධියේ සිට කොළඹ – හොරණ මාර්ගයේ දුටුගැමුණු විදිය දක්වා කිලෝමීටර 0.86 ක දුරක් මංතීරු 6කින් යුත් මාර්ගයක් ලෙස නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම මාර්ගය ඉදිකිරීම සඳහා මුල්වරට කැබිනට් අනුමැතිය හිමි වන්නේ වර්ෂ 2009-11-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ය.
එහෙත්, 2022 වර්ෂයේදී උද්ගත වූ ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන්, මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත ක්‍රමෝපාය කරණය හා කඩිනම් කිරීමේ නිලධාරි කමිටුවේ නිර්දේශය මත එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
එකී ව්‍යාපෘතිය මෙරට ජාතික මාර්ග ප්‍රධාන සැලැස්ම (National Road Master Plan) යටතේ ප්‍රමුඛ යටිතල පහසුකම් සංවර්ධන කටයුත්තක් ලෙස හඳුනාගනු ලැබ ඇති අතර, අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු වලින් 90%ක් පමණ මේ වන විට අවසන් කරනු ලැබ ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් කොළඹ-හොරණ මාර්ගයේ ගමන් කාලය සහ රථ වාහන තදබ්දය සැලකිය යුතු ලෙස අඩු වන අතර, ඒ හේතුවෙන් නාගරික සංචලනය හා ආර්ථික ඵලදායිතාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව, බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම පිණිය ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.







