තුෂාරි කළුබෝවිල –
ගිණිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව නැවතත් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවත්, ඉදිරි පැය 48 ඇතුලත එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බවත් කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල (6N-12N,85E-95E) ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කෙරේ.
ඉදිරි දින කිහිපයේ දී මෙම පද්ධතිය බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟා විය හැකි බව ද කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ ඌව, මධ්‍යම, බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල හා මතර දිස්ත්‍රික්කවලත් ඉදිරි දින කිහිපයේ තද වැසි, සුළං, අකුණු අනතුරු ආදිය ඇති විය හැකිය.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල වැසි සමග සුළං ද ඇති විය හැකිය.