අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බුදුන්ගේ දකුණු දළදාව වැඩ සිටින ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා අසලට අසූචි බැහැර කරලා!

වන සතුන් මළ අපද්‍රව්‍ය කනවා.. ප්‍රදේශයම දුඟදයි... පුරාවිද්‍යා රක්ෂිතයේ වළවල් කපලා... වනජීවිය නඩු යයි!

by editor
ජූනි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

සෝමාවතිය පුදබිමේ වැසිකිලි මළ අපද්‍රව්‍ය   ගලි බවුසර් යොදා ගනිමින් පුරවා පිටතට රැගෙන යන ආකාරයට රැගෙන විත්  බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව වැඩසිටින ඓතිහාසික සෝමාවතිය චෛත්‍යරාජයන් වහන්සේට මීටර් තුන්සියකට නුදුරින් පිහිටි ප්‍රදේශයට බැහැර කරන බව වන ජීවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කාර්යාලය සඳහන් කරයි,

අපද්‍රව්‍ය රැගෙන යන ආකාරය…

සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ වළවල් හාරා ඒ තුළට බැහැර කරන මළ අපද්‍රව්‍ය නිසා දාගැබ්වහන්සේ වැඩ සිටින ප්‍රදේශය   පුරාම දුගද හමන බවත්, ඒ  අවට වෙසෙන වල්ඌරන් රංචු හා වනසතුන් සතා සිව්පාවුන් එම මලපහ ආහාර ලෙස ගැනීමටද හුරුපුරුදුව සිටින බවත්  පොලොන්නරුව වනජීවී කාර්යාලයේ අඩවිය ආරක්ෂක ඩබ්ලිව්. එම්. කුමාරසිරි විජේකෝන්  අප කළ විමසීමකදී සඳහන් කළේය.

සෝමාවතිය පුදබිමට හෙවත් ජාතික වනෝද්‍යානයට මළ අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව සුංගාවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කර කරුණු වාර්තා  කරගෙන ඇති බවත්, ඒ සම්බන්ධව බී වාර්තාවක් හරහා 8 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇති බවත් කුමාරසිරි විජේකෝන් වැඩිදුරටත් කීවේය,

තමා ඇතුළු වනජීවී නිලධාරීන් 2022 දෙසැම්බර් 11 වෙනිදා මෙහි අහිතකර තත්ත්වය, පිළිබඳ ප්‍රදේශයේ යුද හමුදා කදවුර මෙන්ම සෝමාවතිය මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ දැනුවම්ත් කර කරුණු පැහැදිලි කළ බවද එනමුත් මෙම තත්ත්වය තවදුරටත් සිදුවෙමින් පැවතීම කණගාටුව කරුණක් බවද ඔහු  පෙන්වා දුන්නේය.

පසුගියදා වැසිකිලි මළ අපද්‍රව්‍ය බැහැර කරන අවස්ථාවේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී සෝමාවතිය රජමහ විහාරයේ ස්වාමීන් වහන්සේලා තුන්නමක් ඊට එරෙහිව කරුණු දැක්වූ අවස්ථාවේදී පැවති වාතාවරණය සලකා බලා අත් අඩංගුවට ගැනීම සිදු නොකළ බවද වනජීවී දෙපාර්තමේන්තුව පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් හරහා කරුණු දැක්වීමේදී සඳහන් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2023 ජුනි 05 වෙනිදාද ගලි බවුසර් හරහා වැසිකිලි මළාපද්‍රව්‍ය වනෝද්‍යානයට මුදාහැර ඇති බවත්, ඒ අනුව 1964 අංක 44,1970 අංක 01 ,1993 අංක 49 , 2009 ,අංක 22, දරන අණ පනත් වලින් සංශෝධිත, 1937 අංක 2 දරන, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ඔවුන් විසින් උල්ලංඝනය කර ඇති බවට තමා ඇතුළු වනජීවී නිලධාරි කණ්ඩායමට නිරීක්ෂණය වී ඇති බවත්   වනජීවී නිලධාරීන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාව හරහා කරුණු දක්වා ඇත.

සෝමාවතියේ වැසිකිලි මළ අපද්‍රව්‍ය බැහැර කරන මෙම ප්‍රදේශයේ සංවේදී කලාපයක් බවත්, විශාල වළවල් හෑරීම හේතුවෙන් පුරාවස්තු විනාශ වී පුරාවිද්‍යා ආඥා පනත  උල්ලංඝණය වී ඇත්ද යන්න සොයා බලන බවත් වනජීවි දෙපාර්තමේන්තුව පොළොන්නරුව කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි.

අප මෙම තත්ත්වය පිළිබඳ ඓතිහාසික සෝමාවතී රජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නායක ස්වාමීන් වහන්සේගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ වනජීවී දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව එම කටයුතු නතර කර ඇති බවත්, එම ස්ථානවලට බැහැර කලේ ජලය පමණක්  බවත්ය.

යම් යම් පුද්ගලයන් කිහිපදෙනෙකු එම ස්ථානවලට විශාල වලවල් කපා මළ අපද්‍රව්‍ය බැහැර කළේ , එක්කෙනාගේ දුර්වලතා නිසා බව කී උන්වහන්සේ  එම තත්ත්වය දැන් සම්පූර්ණයෙන් නතර කර ඇතැයි පැවසූහ,

Tags: නවතම
Share69Tweet43
Previous Post

දාම ඝාතක වියරු මවක් සේ චෝදනා ලැබ පුරා වසර 20ක්  සිපිරිගෙයි අපා දුක් විඳි නිදොස් ගැහැණිය!

Next Post

ඉන්දියාවේ අදහසට ගරු කරමින් මුලින්ම තියන්නේ පළාත් සභා මැතිවරණය… බැසිල් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.