සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බීමතින් පල්ලියකට පැන කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාවක් බිඳ දමා දේවස්ථානයට මිලියන ගණන් හානි කළ කයිට්ස් NPP සංවිධායකයා ඇතුළු පිරිස 11 තෙක් රිමාන්ඩ්!  

by editor
ජූලි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ කයිට්ස් මෙලින්ජිමුනායි  නාරායම්පති මාතා පල්ලියේ ඉදිකොට  තිබූ කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාව  කඩා දැමීමේ සිද්ධියට අත් අඩංගුවට ගෙන සිටි ජාතික ජන බලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායකවරයා ඇතුලු සැකකරුවන් අට දෙනා අගෝස්තු මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

සැකකරුවන් පිරිස 28 දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලැබී තිබේ.

පසුගිය ජූලි 26 වෙනිදා ජාතික ජනබලවේගයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුලු පිරිසක් බීමත්ව පැමිණ මෙම ප්‍රතිමාවට හානි කළ බවට දේවස්ථානයේ බාරකාර පියතුමන් කයිට්ස් පොලීසියට කරණ ලද පැමිණිල්ලක් මත ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබුණි.

පසුව කළ සෝදීසියකදී හිස් මත්පැන් බෝතල් කීපයක්ද දේවස්ථානයට යාබද ඉඩමෙන් පොලීසිය විසින් සොයා ගෙන තිබුණි.

අත් අඩංගුවට පත් වූ පිරිස වරද පිළිගෙන ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් නොකරණ ලෙස පොලීසියෙන් ඉල්ලා සිටි නමුත් ප්‍රතිමාවට හා දේවස්ථානයට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 5 කට වඩා වැඩි නිසා දේවස්ථානයේ බාරකාර පියතුමන් සිද්ධිය සමථයකට පත් කර ගැනීමට අකැමති වීමෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

සිද්ධිය වූ දිනයේ සවස විශාල පිරිසක් එම දේවස්ථානයට යාබදව පිහිටි ස්ථානයක මත්පැන් සාදයක් පවත්වා තිබේ.

අනතුරුව කෑ කෝ ගසමින් අශෝභන ලෙස හැසිරීම නිසා දේවස්ථානයේ පූජකවරු එම පිරිසට  සාදය පැවැත්වූ තැනින් ඉවත්ව යන ලෙස කාරුණිකව ඉල්ලීමක් කොට තිබේ.

මේ අවස්ථාවේදී ඔවුන් පූජකවරුන් සමග ගැටුමක් ඇති කරගෙන රාත්‍රියේ පැමිණ ඉන්දියාවෙන් ගෙනැවිත් ස්ථාපිත කොට තිබූ කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාවට හානි සිදු කොට දේවස්ථානයේ තවත් දේපලවලට අලාභ හානි සිදූ කොට තිබේ.

කයිට්ස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉසෙඩ් ඩී ඇල අසලට සායනික අපද්‍රව්‍යත් ගෙනත් දාලා… අලින්ගේ දෛනික ආහාරයට විෂ කසළ එක්තු වන අයුරු ගම්මු හෙළිදරවු කරති!

Next Post

විශ්වවිද්‍යාලයේ මහල් ගොඩනැගිල්ලකින් වැටී ආරක්ෂක නිලධාරියෙක් මරුට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.