බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිමල්ගෙන් වරාය ගැලෙව්වේ කන්ටේනර් 323 සිද්ධිය නිසා ද?… පාර්ලිමේන්තුවේ ඇසූ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් උත්තරයක්!

by editor
ඔක්තෝබර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වරායෙන් කන්ටේනර් 323ක් පැන්නූ වංචාව නිසා බිමල් රත්නායකගෙන් එම    විෂයය ඉවත් කිරීමට ආණ්ඩුව ගත්තේ සාධනීය තිරණයක් බවත්  ඒ පිළිබඳව  ආණ්ඩුවට සුබ පතන බවත් ශානක්කියන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අද (10)  පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේය.

ඔහු කීවේ බිමල් රත්නායක ඇමතිවරයාගෙන් වරාය විෂය ඉවත් කිරීම පිළිබඳ ප්‍රවෘත්තිය අද උදෑසන තමන් ඇසු සුබදායකම ප්‍රවෘත්තිය බවය. මෙවැනි තීරණ ගැනීම ගැන ආණ්ඩුවට සුබ පතන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

පසුව  ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය  ප්‍රසන්න ගුණසේන  පැවසුවේ දරුවෙකුගේ සිහිනය වූ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වීමේ සිහිනය ජය ගෙන ගණිත අංශයෙන් ඒ සාමාර්ථ 04ක් දිනා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී වසරක් තුළ සමාජ පරිවර්තනයක් අපේක්ෂාවෙන් ඉවත් වී පැමිණි බිමල් රත්නායක කන්ටේනරයකට යට කළ හැකිනම් ජාතික ජන බලවේගය සම්බන්ධව තව බොහෝ දේ හැදෑරීම ඔවුන් විසින් කළ යුතු බවය.

නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේය.

ප්‍රවාහන මහාමාර්ග වරාය සහ ගුවන් සේවා විදිහට තිබ්බෙ. වරාය සහ ගුවන්සේවා  වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධ කළා. ඒ පිළිබඳව චෝදනා කළා වරාය නිසා බිමල් ඇමති තුමා අයින් කළා කියලා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මන්ත්‍රී තුමාට මේක කියන්න ඕන. අප සියලු දෙනාගෙම හීනයක් තියනවා… කුඩා කාලෙ ළමයෙකුගේ හීනයක් වෙන්නේ විශ්වවිද්‍යාලයට ගිහින් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන එක.  ඒ හීනය දිනාගෙන ඒ හතරක් අරන් මොරටු කැම්පස් එකට ගිහිල්ලා ඉංජිනේරු පීඨයට සිලෙක්ට් වෙලා අවුරුද්දකින් අත්හැරලා දාලා සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කැප වෙච්චි මනුස්සයෙක් කන්ටේනර් එකකට යට කරන්න පුලුවන් වේවි කියලා හිතනවා නම් කියන්න තියෙන්නේ අපි ගැන ගොඩාක් තේරුම් අරන් නෑ කියන එක විතරයි.

ඒ වගේ පිරිසක් තමයි මේ ඉන්නේ.  ඒ නිසා මේ වගේ කතා කියලා අපව අධෛර්යමත්  කරන්න පුලුවන් නම් එහෙම කරන්න බෑ.  මේක ඒකාබද්ද කිරීමට ප්‍රධාන හේතුව වෙන්නේ ප්‍රවාහන මහාමාර්ග, වරාය ගුවන් කිව්වට මේක ඇත්තටම වරාය ගුවන් වලට ලඟින් අපට යන්නේ නාගරික සංවර්ධන එක.

අපි බලාපොරොත්තුවක් තියනවා මල්ටි මොඩල් සෙන්ටර්ස් විශාල ප්‍රමාණයක් හදන්න. ලබන අවුරුද්දේ 9ක් හදන්න පටන් අරගන්නවා. ඒ අනුව තමයි ප්‍රවාහන ක්ෂේත්‍රය උඩට ගන්න බලාපොරොත්තු වෙන්නේ.  මේ විදිහට උඩට ගන්න නම් අපට ඒකාබද්ධ විය යුතු කෑල්ල තමයි නාගරික සංවර්ධන අධිකාරිය. නාගරික සංවර්ධන අමාත්‍යාංශය. ඒ නිසා තමයි මේ ඒකාබද්ධ කිරීම කරන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිහිණුම් පුහුණුව අතරතුර දියේ ගිලී මිය ගිය පෙරපාසල් දරුවාගේ මරණය සම්බන්ධයෙන් 07ක් අත් අඩංගුවට…

Next Post

මහනුවර අතුරුදහන් වූ 13 හැවිරිදි දරුවන් දෙදෙනාගේ සිරුරු වික්ටෝරියා ජලාශයේ තිබී හමුවෙයි….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.