බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් හොඳටම කළ හැටි ශ්‍රී.ල.නි.ප උප සභාපති රෝහණ ලක්ෂ්මන් හෙළි කරයි…

සන්ධානයේ සාමුහිකත්වය විනාශ කළා... හැමෝටම උඩින් ඉඳන් තීන්දු ගත්තා... දැන් ඇවිත් තෙල් මිල අඩු කරන හැටි බලමු..

by editor
ජූලි 4, 2021
in පුවත්
Rohana-Lakshman
Share on FacebookShare on Twitter

ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශාල සේවයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී සන්ධාන ගතව කටයුතු කිරීම පොදුජන පෙරමුණට තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබා ගැනීමට විශාල සාධකයක් වූ නමුත් ජයග්‍රහණයෙන් පසු එකඟතා සියල්ල කඩකරමින් සන්ධානයේ සිටි පක්ෂ වලට කෙනෙහිලිකම් කිරීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් කටයුතු කළේ යැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

මැතිවරණයට පෙර සන්ධාන ගත වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදෙන බවට පොරොන්දු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර, අමාත්‍ය ධූර හා ආණ්ඩුකාර ධූර පොරොන්දු ප්‍රකාරව නොදුන් බවත් ඇමැති මණ්ඩලයේ සිටියත් නැතත් මෙම ක්‍රියාවලිය මෙහෙයවනු ලැබුවේ බැසිල් රාජපක්ෂ බවත් ඒ ඔහු කීවේය.

යෝගි ගුරු ජයකුමාර සිය පෞද්ගලික මුදලින් පවුල් පනහකට වියළි ආහාර ලබාදීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී මහචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේය. මහනුවර වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් මෙය සම්බන්ධීකරණය කරනු ලැබීය. එහිදී වැඩිදුරටත් කතා කළ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙසේද කීවේය.

රටේ වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාව, අවනීතිය රජ කරනවා නම් අපි විවේචනාත්මකයි ඒ දෙස බැලිය යුතුයි. කැබිනට් මණ්ඩලයක් තිබෙනවා. විශේෂඥවරු වෙනම ඉන්නවා. මේ දෙගොල්ලන්ටම ඉහළින් වෙනම කණ්ඩායමක් තීන්දු ගන්නවා. මේක ප්‍රජාත්න්ත්‍රවාදයට බරපතල ගැටලුවක්. රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩගන්න කවුරුවත් විශ්ව කර්මයෝ නැහැ. බැසිල් රාජපක්ෂ තමයි මේ ආණ්ඩුව තුළ ඉහළින් ඉඳන් තීන්දු තීරණ ගත්තේ. ඒක කවුරුත් දන්නවා. සන්ධානය තුළ අර්බුද ඇති කරන්න ඔහු මුල් වුණා. ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ පක්ෂ ඉන්පසුව කොන් කළේ එතුමයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඇමැති මණ්ඩලයට ආවත් නැතත් මේ ක්‍රියාවලිය තුළ බලවත්ම පුද්ගලයා ඔහුයි. බැසිල් මහතා තෙල් මිල අඩුකරයිද කියලා අපි බලමු. ආණ්ඩුව තුළ පාරදෘෂ්‍යභාවයවත් අඩු තරමින් තියෙයි කියලා අපි හිතුවා. රජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු වලට සුදුසු අය දාන්නේ කිව්වා. ඒ වෙනුවෙන් තේරීම් කරන්න විද්වත් මණ්ඩල පවා පත්කළා. ඒත් අද ප්‍රධාන තනතුරු වලට පත්කරන්නේ මුලින් ක්‍රමවේදයටද කියන ප්‍රශ්නය අපටත් තිබෙනවා.

ආණ්ඩුව පිහිටුවන්නට එකතුවී වැඩකළ පක්ෂ වල නායකයින්ට නොයෙක් ආකාරයෙන් නොසලකා හැරීම් කරන බව පේන්න තිබෙනවා. සන්ධානය තුළ සිටින පක්ෂවලට ප්‍රශ්න ඇති කරනවා. උදය ගම්මන්පිල ඇමැතිවරයා වහා ඉවත් විය යුතු බවට පොදුජන පෙරමුණේ ලේකම්වයා ලිපියක් නිකුත් කරලා ඒක මාධ්‍යටත් දෙනවා. මේ තත්ත්වයත් සමඟ ආර්ථික අර්බුදයට අමතරව දේශපාලන අර්බුදයක් ඇති වෙලා. සියලුම ආර්ථික විශේෂඥයින් කියනවා විනිමය සංචිත තිබෙන්නේ මාස තුනකට පමණයි කියලා.

සීනි, එන්නත්, පොල්තෙල්, පී.සී.ආර් සම්බන්ධ වංචා දූෂණ මතු වුණා. රටේ වංචා දූෂණ පිළිබඳ කතා වර්ධනය වෙලා. අපි මේ ආණ්ඩුව තුළින් ඒක බලාපොරෝතතු වුණේ නැහැ. තාමත් 60 ට වැඩි වියපත් ජනතාවට එන්නත් ලබාදීම ගැටලුවක් වෙලා. නැව ගිනිගත් අවස්ථාවේ සිදුවූ ඛේදවාචකය බලන්න. දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට අපි පත්වෙන්න උත්සහ කරනවා නම් මෙවැනි අනතුරු වලට මුහුණ දීම වලක්වා ගැනීමට සූදානම් විය යුතුයි. වෙරළ තීරයේ විශාල පරිසර හානියක් සිදු වුණා. කැස්බෑවුන් විශාල පිරිසක් මිය ගහින් වෙරළට ගොඩ ගහනවා. වාරකන් නිසා මේ මරණ සිදුව තිබෙන බවට ඇමැතිවරු ප්‍රකාශ කිරීම බුද්ධියට නිගාවක්. සාගර විද්‍යාඥයින් හා පරිසර විද්‍යාඥයින් කිව්වා මේ මරණ වලට හේතුව නැවෙන් මුහුදට එකතුවූ රසායනික ද්‍රව්‍යය වල බලපෑම කියලා. ජලජ ජීවන් විශාල සංඛ්‍යාවක් මුහුදු පත්ලේ මරණයට පත්වෙලා. ක්ෂුද්‍ර ජීවන් නොමැති පොහොර ආනයනය කරන බව තවත් ඇමැති කෙනක් කියනවා. ක්ෂුද්‍ර ජීවින් නොමැති කාබනික පොහොර තිබෙනවාද?.

ශ්‍රී ලනිපය ජනතාව තුළ ඇතිව තිබෙන ව්‍යාකූලතා නිරීක්ෂණය කරමින් සිටිනවා.අපේ පක්ෂය ඇමැතිකම් ඉල්ලලා නැහැ. ඒ ගැන සාකච්ඡාවක් කරලත් නැහැ. පාර්ලිමේන්තුවේ විශාල අත්දැකීම් සහිත සෞඛ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් ඉන්න්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෞඛ්‍ය උපදේශක මහචාර්යවරයෙක් ඉන්නවා. කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා මේ කාගෙන්වත් උපදෙස් අරන් නැහැ. රට මිලිටරිකරණයකට යන බවට ජනතාව තුළ කථිතකාවක් ඇති වෙලා. වැදගත් කාර්යභාරයක් කරන සෞඛ්‍ය සේවය තුළ වෛද්‍යවරු,හෙද හා සුළු සේවකයින් සිටින්නේ අතෘප්තියෙන්. වසංගත අවස්ථාවක මේක විශාල ගැටලුවක්.

ප්‍රතිපත්තිමය හා සංකල්පමය වශයෙන් කාබනික පොහොර භාවිතය හොඳයි. අපි ඒකට එකඟයි .මුළු ලෝකයේම රටවල් ගත්තම 100% ක් සම්පූර්ණයෙන් කාබනික වගාව කරන්න ගිහින් සාර්ථක වෙලා නැහැ. හැටේ දශකයේ සිට රසායනික පොහොර අපි භාවිත කළා. මල්,එළවළු තේ,පලතුරු ගොඩක් අද හදන්නේ දෙමුහුන් හෝ තෙමුහුන් බීජ වලින් .පොළොව වගේම පැළත් රසායනික පොහොර ඉල්ලනවා. ඉදිරියේදී බරපතල ආර්ථික අවපාතයක් ඇතිවේවි.
ලෝකයේ මිලියන 50 ක් පමණ තේ බොනවා. ලෝන් ටී නාමය අපෙන් ගැලවී ගියොත් ඒ තැන ගන්න විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. මහ පොළොවට කාබනික පොහොර එකවර දරා ගන්නේ නැහැ. විද්‍යාත්මක ප්‍රවේශයක ඔස්සේ සිදුවිය යුතුයි. අපි මේ ප්‍රශ්න සුළුවෙන් නොතැකිය යුතුයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැරිය අලෙවි කළ වෙබ් අඩවිකරු අත්අඩංගුවට… තවත් දූෂකයන් 16ක් සොයා පරීක්ෂණ…

Next Post

දේශපාලන බලපෑමෙන් කොවිඩ් එන්නත් 70000ක් හොර පාරේ ගිය හැටි ශ්‍රී.ල.නි.පය කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.