මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව වැලිකන්ද, මදුරංගල, මලින්ද, සුසිරිගම, යන ගම්මානවල පාසල් දරුවන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට 2011 වසරේ සිට පාසල වෙත යෑමට බස් රථයක් නොමැති බව එම ගම්වාසීහු පවසති.
දරුවන් පාසල වෙත අත්ට්‍රැක්ටරයෙන් රැගෙන යෑමට සිදුවීමෙන් දරුවන් මෙන්ම තමන්ද දැඩි අසීරුතාවලට සහ මුහුණ පා ඇති බව එම ගම්මානවල දෙමව්පිවරු සඳහන් කරති.
මෙම ගම්මානවල පාසල් දරුවන් සෙවණපිටිය, වැලිකන්ද, මනම්පිටිය, යන විද්‍යාලවලට ගමන් කරන අතර ඔවුන්ට තම ගම්මානවල සිට සෙවනපිටියට යෑමට මාසිකව එක්දරුවකු වෙනුවෙන් මවුපියන්ට රුපියල් තුන්දාහක මුදලක් අත්ට්‍රැක්ටර් රියදුරුට ගෙවීමට සිදුවන ඇතැයි මවුපිවරු ප්‍රකාශ කරති.
පවුල් දාහකට ආසන්න සංඛ්‍යාවකගේ දරුවන් දෙසීයක් පමණ මෙම ගම්මානවල සිට සෙවනපිටිය, මනම්පිටිය, වැලිකන්ද යන විද්‍යාලවලට බස් රථයකින් ගමන් කරන්නේ නම් ඒ සදහා බස් රථයකින් ගමන් කරන්නේ නම් මාසික වාර ප්‍රවේශ පත්‍ර සඳහා අවශ්‍ය වන්නේ රුපියල් 800 ක මුදලක් බවත්, ඔවුහු පෙන්වා දෙති.
වන අලි තර්ජන මැද දැඩි අනාරක්ෂිත තත්ත්වය මධ්‍යයේ පාසල් අධ්‍යාපනය ලැබීමට සිදුව ඇති තම දරුවන් වෙනුවෙන් සිසු සැරිය බස් රථයක් හෝ වෙනත් බස් රථයක් ලබාදීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙස එම ගම්මානවල මව් පියන් සහ පාසල් සිසුන් ඉල්ලා සිටිති.
එම ගම්මාන සඳහා පාසල් බස් රථය ධාවනය නොවීම පිළිබඳ අප ලංකා ගමනාගමන මණ්ඩලයේ පොලොන්නරුව ඩිපෝ අධිකාරී ඩී.ඒ. ප්‍රේමසිරිගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම ගම්මාන සඳහා යෙදවීමට ප්‍රමාණවත් තරම් බස්රථ නොමැතිකමත්, රියදුරන් සහ සේවකයින් නොමැතිකමත් එම ගැටලුවට ප්‍රධාන හේතුව බවය.







