බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස, ලබන 28 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ්!

by editor
ජනවාරි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රීකුණාමලය – සමන් මල්ලවආරච්චි –

ත්‍රිකුණාමලය බෝධිරාජ විහාරස්ථානයේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත්, බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ තවත් හයදෙනෙකු ලබන 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  ත්‍රි කුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ අද චූදිතයින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේ දීය.  ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්. එස්. එම්. සම්සුදීන් ඉදිරියේ  නඩුව කැඳවනු ලැබුවේය.

වලංගු බලපත්‍රයක් නොමැතිව ත්‍රිකුණාමලය ඩච් බේ වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු  භික්ෂූන් වහන්සේලා සිව් දෙනකු ඇතුළු 09 දෙනෙක් අද  19  දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්. එස්. එම්. සම්සුදීන්  නියෝග කළේ පසුගිය 14 වැනිදා  බදාදා ය.

ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජමහා විහාරාධිකාරී පූජ්‍ය ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස, වනවාසී බලන්ගොඩ කස්සප, ත්‍රිකුණාමලය ආනන්දාරාම (ගිරිහඩු සෑය ශාඛාව) විහාරවාසි පූජ්‍ය ත්‍රිකුණාමලය නන්ද යන හිමිවරුන් හා මේ සඳහා ආධාර අනුබල දුන් සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති ,හිටපු නාගරික මන්ත්‍රීනි එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්.දිපානි ලියනගේ, ව්‍යාපාරික තිලක් පෙරේරා, එන්.සී. පියල් හේමසිරි හා දුලාර ගුණතිලක යන අය පසුගිය 14 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත විය.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 14 (01) වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එම පනතේ 28(01) වගන්තිය ප්‍රකාරව වෙරළ කලාපය තුළට අනවසරයෙන් ඇතුල් වි වලංගු බලපත්‍රයක් නොමැතිව අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පොලිසිය එදින අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

චූදිතයින්ට ඇප ලබා ගත නොහැකි ආකාරයෙන් පොලිසිය විසින් මෙම චෝදනා ගොනු කර තිබීම සැලකිය යුතු කරුණක් විය.   නඩු විභාගය 28 වන දින දක්වා දීර්ඝ කරන ලදී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

Tripadvisor විසින් 2026 ලෝකයේ “හොඳම මධුසමය ගමනාන්ත” 10 ඇතුළට ශ්‍රී ලංකාවේ ගාල්ලත් නම් කරයි…

Next Post

මේ යෝදයාට ඉන්තේරුවෙන්ම පිස්සුය… නොබෙල් සාම ත්‍යාගය නොලැබීමේ ඉච්ඡාභංගත්වය ලෝකය විනාශ කර පිරිමසාගන්නට හදන මිනිසෙක්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.