කීර්ති ප්රනාන්දු –
දුම්රිය ස්ථානවලට අඩුවැඩිය මිලදී ගැනීම සඳහා අනුමත වී තිබුණු රුපියල් ලක්ෂ 18ක මුදලකින් ශ්රී ලංකා රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් මිලදී ගෙන ඇතැයි කියන භාණ්ඩ තොගයක් ආ ගිය අතක් නැති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
දුම්රිය නියාමක සංගමය විසින් කළ යෝජනාවකට අනුව දුම්රිය සමාන්යාධිකාරීවරයාගෙන් ලද අවසරය පිට 2018 වසරේ ඇඳුම් මදින මේස 30ක්, රාක්ක 30ක් හා වල් කපන යන්ත්ර 06ක් රාජ්ය වානිජ විවිධ නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීමට අනුමැතැය ලැබී තිබේ.
එහෙත් එම භාණ්ඩ මිලදී ගෙන දුම්රිය ස්ථානවලට බෙදා දීමට කටයුතු කිරීම ප්රමාද වී ඇත. ඒ අතර ශ්රී ලංකා රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව භාණ්ඩ මිලදී ගැනීමකට අදාල මුදල් පියවීමක් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව මේ මිලදී ගැනීම ගැන විමසා බලන විට භාණ්ඩ මිලදී ගත් අයෙක් හෝ එම භාණ්ඩ තිබෙන ස්ථානයක් සොයා ගත නොහැකි වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.







