බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මට කිසි දෙයක් වෙන්නේ නෑ… රාසමාණික්කම් කැට දමා කියයි!

by editor
මාර්තු 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සමග ජනතා විමුක්ති පෙරමුණ සිදුකළ මනුෂ්‍ය ඝාතනවල ලයිස්තු ද එළියට පැමිණෙන බැවින් මේ කොමිෂන් සභා වාර්තාවෙන් කිසිවක් සිදුනොවන බව තමන් කැට දමා පවසන්නේ යැයි මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් පැවසුවේය.

batalanda

ඔහු පෙන්වා දුන්නේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කළේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් ද අකමැතිව තිබිය දී බවය. අදාල වාර්තාව සභාගත නොකළා නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ තවත් කැබලි ගණනකට කඩා දැමීමේ අවදානමට බියෙන් කොමිෂන් සභා වාර්තාව සභාගත කිරීමේ තීරණය ආණ්ඩුව විසින් ගත් බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු කීවේ මෙවැන්නකි.

” බටලන්ද වාර්තාව සභාගත කිරීමෙන් දඬුවම් කරයි මා විශ්වාස කරන්නේ නෑ. මම දන්න විදිහට ජේ.වී.පී. එකේ මේ ඉන්න නායකයො ඒ දවස්වල අවුරුදු 18 යි 19යි, 20යි.
88-89 බටලන්ද කොමිසම හරහා ජේ.වී.පී එක කරපු ඝාතන පිළිබඳවත් දැන් ලිස්ට් එනවා එළියට. ඒව සම්බන්ධව පරීක්ෂණ කරන්න වෙන හින්දා ජේ.වී.පී එකේ ගොඩක් කට්ටිය කැමති වුනේ නෑ මේක සභාගත කරනවට.”

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“මේක හරහා කිසිම දෙයක් වෙන්නෙ නෑ මෙතනින් එහාට. සිද්ධ වෙන්නේ සභාගත වීම පමණයි. බටලන්ද කොමිසට වෙන්නෙත් ඕකයි… මම අද කැට කියලා කිව්වා කියලා හිතා ගන්න. ”

“මේ කොමිසම ටේබල් කළේ නැතිනම් පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ කුමාර් ගුණරත්නම්ලගේ පක්ෂය මේ ජේ.වී.පී එක තව කෑලි දහයකට කඩනවා. ඒ බයට මේක ටේබල් කළේ. ඒ හැරුණු විට මේ බටලන්ද කොමිසමට මෙතනින් එහාට කිසිම දෙයක් වෙන්නේ නෑ. ”

“කතානායක තුමා මම දැක්කා ඊයේ සංවේදී වුනා. අපිත් සංවේදි මේ වගේ දේවල්වලට. හැමදේටම සංවේදී වෙනවා නම් හොඳයි. ”

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ දෙමළ ජනතාවට සිද්ධවන කෲරත්වයෙන් සැලකීම සම්බන්ධව මෙතෙක් පැවති කිසිම රජයක් සංවේදි නොවනු බවය.

මීට දින දෙකකට පෙර බටලන්ද කොමිසම සභාගත කිරීම ඉතා හොඳ දෙයක් බවත් ඒ සම්බන්ධව විමර්ශනය කර, පරික්ෂණ කර වැරදිකරුවන්ට ඳඬුවම් දෙනු ඇතැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බවය.

එමෙන්ම මෙතෙක් ඉදිරිපත් වුන උදලාගම කොමිෂන් සභා වාර්තාව, පරණගම කොමිෂන් සභා වාර්තාව සභාගත කිරීමටවත් කටයුතු නොකළ බව කී මන්ත්‍රිවරයා දෙමළ ජනතාව විෂයෙහි කෲරත්වය කිසිම ආණ්ඩුවකට සංවේදී මාතෘකාවක් නොවූ බවට චෝදනා කළේය.

“මේ ආන්ඩුවට තවම ප්‍රමාණවත් කාලයක් නෑ. ජනාධිපතිවරයා දිවුරුම් දීලා මාස 06යි. හැබැයි අවශ්‍ය නම් දැන් ඒ සම්බන්ධව විමර්ශන කරලා පරීක්ෂණ ආරම්භ කරන්න පුලුවන්. නමුත් අපි නැවත නැවත දකින්නේ දෙමළ ජනතාවට මේ රට යුක්තිය ඉෂ්ඨ කිරීම ප්‍රතික්ෂේප කරලා තිබීමයි.” මන්ත්‍රීවරයා පැවසුවේය.

බටලන්ද වධකාගාරය පැවතියේ 1989 දී බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා 2008-2011 කාලය තුළ සිවිල් යුද්ධය පවතිද්දී මේ රටේ වධකාගාර 219ක් ක්‍රියාත්මක වූ බව ජේ.ඩී.එස් ආයතනයේ වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රකාශ කළේය. මේ වධකාගාර ගැන විමර්ශන ආරම්භ වන්නේ කවදාදැයි මන්ත්‍රීවරයා විමසුවේය.

ඔහු පෙන්වා දුන්නේ කෲරත්වයට පත් වූ සිවිල් මිනිසුන් විශාල ප්‍රමාණයක් මේ වනවිට එළියට පැමිණ ප්‍රකාශ නිකුත් කර ඇති බවය. ත්‍රිකුණාමලය ගන් සයිට් කඳවුර, වව්නියාව ජෝෂප් කඳවුර තුළ සිදුකළ ක්‍රියාකාරකම් සම්බන්ධව රාජ්‍යය වගකිව යුතු ආකාරය උදලාගම වාර්තාවේ දැක්වෙන බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සීයගේ ආණ්ඩුවේ” අධ්‍යාපන ඇමති ගැසූ රුපියල් බිලියන 1.7ක සුහුරු පුවරු ගේම අගමැතිනිය පාර්ලිමේන්තුවට හෙළි කරයි!

Next Post

සංගණනය වෙලාවේ දී වෙනදා එන සත්තු අවිත් නෑ ලු…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.