සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශය ඇවිලවූ සිසු අරගල ගින්න නිවෙන තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙයි…

by editor
ජූලි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සතිය පුරා සියයකට වැඩි පිරිසක් මරා දමමින් රටපුරා ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව එම ගින්න ඇවිලවූ බංග්ලාදේශයේ අධිකරණය මතභේදාත්මක රැකියා කෝටා ක්‍රමය පිළිබඳ වෙනස් කර තිබේ.

බොහෝ සාධනීය ප්‍රතිඵල නිකම් ලැබෙන්නේ නැත. ඒ සඳහා ජීවිත, ලේ, කඳුළු පූජා කළ යුතුය. බංගලාදේශයෙන් මේ වනවිට සාධනය කර ඇත්තේ ඒ ඇත්ත කතාවය.

මේ මතභේදාත්මක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් ද?.

1971 දී බංග්ලාදේශයේ නිදහස් සටනේදී සටන් කළ ප්‍රවීණයන්ගෙන් පැවත එන්නන් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන් කළ යුතු බව අධිකරණය තීන්දු කළේය.

මේ මතභේදාත්මක කෝටා ක්‍රමයක් අවසන් කරන ලෙස ඉල්ලා සිසුහු මුලින්ම සාමකාමී විරෝධතාවයක් ඇරඹූහ. ඔවුන් පැවසුවේ මෙම කෝටාව නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් පාලක අවාමි ලීග් පක්ෂයේ සහචරයින්ට වාසි වන බවයි. එමෙන්ම එම තීන්දුව වෙනස් කොට සැලකීමක් බවද ඔවුහු පැවසුහ. ඔවුන් ඉල්ලුවේ දක්ෂතා සහ සුදුසුකම් මත විනිවිද පෙනෙන ක්‍රමවේදයක් තුළ රජයේ රැකියා ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කරන ලෙසය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විශ්වවිද්‍යාල තුළ සාමකාමී විරෝධතා වශයෙන් ආරම්භ වූ මෙම විරෝධය පසුව රටපුරා නොසන්සුන් තත්ත්වයක් බවට පරිවර්තනය වී වූයේය.

විරෝධතා සම්බන්ධීකාරකවරුන් පවසන්නේ, පොලිසිය සහ බංගලාදේශ චත්‍රා ලීගය ලෙස හැඳින්වෙන පාලක අවාමි ලීගයේ ශිෂ්‍ය සංගමය සාමකාමී පෙළපාළිකරුවන්ට එරෙහිව කෲර ලෙස බලය භාවිත කරන අතර, ඉන් මහජනතාව ප්‍රකෝපකාරී වෙමින් සිටින බව ය.

රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

පසුගිය සඳුදා දිනයේ සිට ගැටුම් පැවතිණි. ප්‍රචණ්ඩත්වය අතිශයින් ඉහළ ගියේ බ්‍රහස්පතින්දා දිනයේදී ය. එදින පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

දැනට ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර සිකුරාදා පමණක් 50 කට වැඩි පිරිසක් මිය ගියහ.

රජය හදිසියේ ඉන්ටර්නෙට් බිඳ වැට්ටවීමක් සිදු කර ඇති අතර දුරකතන සේවා සීමා කර ඇත.

“මේක තවදුරටත් සිසුන්ගේ විරෝධතාවක් නෙවෙයි, සෑම තරාතිරමක ම මිනිසුන් විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වී ඇති බව පේනවා,” ඩකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය සමීනා ලුත්ෆා බීබීසීයට පවසයි.

මේ තීන්දුව සරසවි සිසුන්ට දැඩිව දැනුනේ ඇයි?

බංගලාදේශය ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වුව ද, විශේෂඥයින් පෙන්වා දෙන්නේ, එම ආර්ථික වර්ධනය විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා රැකියා බිහි කරන ආර්ථිකයක් බවට පරිවර්තනය වී නොමැති බව ය.

ඇස්තමේන්තුවලින් පෙනී යන්නේ, බංගලාදේශයේ තරුණයින් මිලියන 18ක් පමණ රැකියා අපේක්ෂාවෙන් පසු වන බව ය. අඩු අධ්‍යාපනයක් සහිත රැකියා අපේක්ෂකයින්ට සාපේක්ෂව උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය ඉහළ අගයක් ගනී.

බංගලාදේශය නිමි ඇඳුම් අපනයනයෙහි බලාගාරයක් බවට පත්ව තිබේ. ගෝලීය වෙළෙඳපොළ වෙත බංග්ලාදේශය ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක පමණ නිමි ඇඳුම් අපනයනය කරයි.

මෙම ක්ෂේත්‍රය තුළ පුද්ගලයින් මිලියන 4කට අධික පිරිසකට රැකියා උත්පාදනය වී ඇති අතර, ඉන් බහුතරය කාන්තාවන් ය. එහෙත්, අපේක්ෂිත තරුණ පරම්පරාව සඳහා කර්මාන්ත ශාලාවල රැකියා ප්‍රමාණවත් නැත. විරෝධතාවය ඇවිලෙන්නේ මේ පරිසරය තුළය.

බංගලාදේශයේ මිලියන 170ක ජනතාවක් වෙසෙති. මෙම දකුණු ආසියානු රටට වීදි විරෝධතා අලුත් අත්දැකීමක් නොවේ. එහෙත්, පසුගිය සතියේ බංගලාදේශයේ ඇති වූ විරෝධතාවල තීව්‍රතාව ජීවමාන මතකයේ නරක ම තත්ත්වය ලෙස හඳුන්වා තිබේ.

පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසර 20ක කාලය තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත.

එහෙත්, බොහෝ දෙනෙකු පවසන්නේ, එම වර්ධනයෙන් ඇතැම් කොටසක් 2009 සිට බලයේ සිටින හසීනාගේ අවාමි ලීගයට හිතවාදී පුද්ගලයින්ට පමණක් උපකාර වන බව ය.

ආචාර්ය ලුත්ෆා මෙසේ පවසයි: “දූෂණ රැසක් අපට පේනවා. විශේෂයෙන් ම ආණ්ඩු පක්ෂයට සමීප අය අතර. දඬුවම් ක්‍රියාත්මක නොවී දීර්ඝ කාලයක් තිස්සේ දූෂණය සිදුවෙමින් පවතිනවා.”

දූෂණ චෝදනාවලට අමතරව, බොහෝ මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, හසීනාගේ පාලනය යටතේ පසුගිය වසර 15 තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් සඳහා ඇති ඉඩකඩ හැකිළී ගොස් ඇති බව ය.

“එක දිගට පවත්වපු මැතිවරණ තුනකදී ම විශ්වසනීයභාවයෙන් යුත්, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් සිදුවුණේ නෑ,” හියුමන් රයිට්ස් වොච් ආයතනයේ දකුණු ආසියානු අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි බීබීසී පුවත් සේවයට පැවසීය.

“තමන්ගේ නායකයා තෝරා ගැනීමේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මිනිසුන්ට ඇති අතෘප්තියේ මට්ටම ඇය සමහර විට අවතක්සේරු කරලා තියෙන්න පුළුවන්,” මීනාක්ෂි ගංගුලි පැවසුවා ය.

එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) 2014 සහ 2024 මැතිවරණ වර්ජනය කළේ, ෂෙයික් හසීනා යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, ම්‍යස්ථ භාරකාර පාලනයක් යටතේ මැතිවරණ පැවැත්විය යුතු බවත් පවසමිනි.

ෂෙයික් හසීනා මෙම ඉල්ලීම් සෑම විට ම ප්‍රතික්ෂේප කර තිබේ.

මානව හිමිකම් කණ්ඩායම් ද පවසන්නේ, පසුගිය වසර 15 තුළ පුද්ගලයන් 80 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු රජය විවේචනය කළ අය බවත්, ඔවුන්ගේ පවුල්වලට ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ය.

වසර ගණනාවක් පුරා ෂෙයික් හසීනා වඩ වඩාත් අත්තනෝමතික ලෙස වර්ධනය වී ඇති බවට පුළුල් අවධානයක් යොමු වී ඇති අතර, විසම්මුතිය සහ මාධ්‍ය යටපත් කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වේ. එහෙත්, ඇමතිවරු එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

“ආණ්ඩුවට සහ පාලක පක්ෂයට එරෙහි කෝපය දිගු කලක් තිස්සේ ඉහළ යමින් තිබෙනවා,” යනුවෙන් ආචාර්ය ලුත්ෆා පවසයි.

“ජනතාව දැන් ඔවුන්ගේ කෝපය පෙන්වමින් සිටිනවා. මිනිසුන්ට කිසි ම පිළිසරණක් නැති වුණා ම විරෝධතාවලට යොමු වෙනවා.”

රජය ප්‍රකෝපකාරී ලෙස ක්‍රියා කරන බවට විරෝධතාකරුවන් චෝදනා කළ ද, රජය දැඩි සංයමයක් පෙන්නුම් කර ඇති බව හසීනාගේ ඇමතිවරු පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනාගතය ගැන හිතා ඡන්දය දෙන්න… විගමනිකයන්ට නව ව්‍යාපාර ඇරඹීමට පනස් දහස බැගින් දෙමින් ජනපති ඉල්ලයි!

Next Post

හිරුණිකා ඇප පිට නිදහස්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.