සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝලිමේ ගොස් සිරි දළදා දකින්නට පෙර දළදා අසිරියේ සිතිවිල්ල සිතුවමට නගන දරු කැකුළු දුටුවෙමු…

by editor
අප්‍රේල් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල-

මේ වනවිට සුදු වතින් සැරසුන බැතිමතුන්ගෙන් දළදා වන්දනාවට ප්‍රවේශවන වීදි තුනම පිරී ගොස්ය. ඒ අතර පෝලිම්වල නොදරුවෝ දහස් ගණනකි. දළදා වහන්සේ දැක වන්දනා කිරීම සඳහා සිය මව් පියන් සමග පැමිණි මෙම දරුපැටවුන් විෂයෙහි අතිශය වටිනා ක්‍රියාකාරකමක් සංවිධානය කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ ඔවුන් අතරින් ඉදිරිපත් වීමට කැමති දරුවන් කැඳවා උදේ 8 සිට දහවල් 12 තෙක් දළදා වන්දනා ගමන පිළිබඳ සිතේ ඇතිවුන හැඟීම සිතුවමට නැගීමට අවස්ථාව සලසා දීමය.

මේ සිතුවම්කරණය සිදුවන්නේ දළදා වීදයේ උඩ කෙළවර රැජන හෝටලය සහ වාහල්කඩ අතර කොටසේය. අප දකින්නේ වෙනම ලෝකයකට සමවැදී මුලු අවධානයම සිදු කොළයක් මත වර්ණ ගන්වමින් සිටිනා උනන්දුවෙන් පිරී ගිය පොඩි උන්ය. මේ වන විට දරු පැටවු 500කට වැඩි ප්‍රමාණයක් නිර්මාණකරණය ආරම්භ කර තිබේ.

උන්ගේ පොඩි බඩගින්නට බිස්කට් එකක්, සිසිල් බීම වීදුරුවක්, තේ කෝප්පයක් සැපයීම නුවර නගර සභාවේ ඇත්තන්ගේ මැදිහත්වීමෙන් සිදුවෙමින් තිබේ. දරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරීන් 30ක් පමණ රාජකාරියේය. මේ ව්‍යාපෘතියේ පූර්ණ වගකීම සහතික කරන්නේ ඔවුන්ය.

දරුවන්ගේ සිතුවම් කරණයට අවශ්‍ය සිතුවම් පුවරු, පැන්සල්, මකන, වර්ණ සපයන්නේ පෙන්ටියම් ආයතනය විසිනි. ගුණසේන සමාගම සිතුවම්කරණයේ යෙදෙන සෑම දරුවෙක් වෙතම සිරිත් මල් දම පොතක් ත්‍යාගයක් ලෙස ප්‍රදානය කරයි. බුද්ධ ශාසන අමාත්‍යාංශය දරුවන් වෙත වටිනා සහතිකයක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

සිතුවම්කාර දරුවන් පෝලිම්වලින් එළියට ගැනීමත් ඒ දරුවන් සිතුවම්කරණයෙන් පසු නැවත වරක් ඔවුන්ගේ අම්මලා තාත්තලාට භාර දිමත් භාරදූර කටයුත්තකි. ඒ කටයුතු නිසි ලෙස පවත්වා ගැනීමේ වගකීම දරන්නේ ඒ ඒ කලාප භාර නිලධාරීන්ය. ඔවුන්ගේ සම්බන්ධිකරණයෙන් දරුවන් යළි සිය භාරකරුවන් වෙත පත්කිරීම සිදුවේ. දළදා දැක්ම අවසානයේ දරුවන් හත් දහසකගේ සිතුවම් හත් දහසක් නිර්මාණය කරගැනීමට සැලසුම් කර තිබේ.

සංවර්ධන අංශයේ අතිරේක ලේකම් සමන්ති නාගහතැන්න සිතුවම්කරණයට පැමිණි දරුවෙක් සමග…

දරුවන් විෂයෙහි මෙබඳු කල්පනා මාත්‍රයක් ඇතිවීමම සුබ ලකුණක් බව සහතික කර කියමු. මේ ව්‍යාපෘතියේ උත්කර්ෂය කෙබඳුදැයි මේ පිළිබඳව බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන අංශයේ අතිරේක ලේකම් සමන්ති නාගහතැන්න සමග සංවාදයක් ඇතිකරගන්නා තුරු අපටත් වැටහුනේ නැත. ඇය මේ අපූරු කතාව අපට මෙසේ කීවාය.

“අපි අමාත්‍යාංශයක් විදිහට මේ වගේ වැඩක් සංවිධානය කරන්න හිතුවේ කාරණා කීපයක් ගැනම කල්පනා කරලා. මුල් වරට නුවර ආපු ළමයි මෙතන ඇති. හැබැයි දළදා ප්‍රදර්ශනය තියනවා කිව්වේ මාර්තු මුල. එදා ඉඳන් මේ ලංකාව පුරා ගෙවල්වල මේ ගැන කතා වුන බව අපි දන්නවා. අපටත් යන්න තිබ්බනම් කියන අදහස් එක්ක ඒ ගැන කතා කරනවා. සංවිධානය වෙනවා. මේ ගමන කියන්නේ අපේ ගැමියන්ගේ ජීවිත සැලසුමක කූඨප්‍රාප්තියක්.”

” මේ මුළු සංවාදයම පුංචි ළමයින්ගේ ඔළුවලට වැටෙනවා. ඒ දරුවන්ගේ සංකල්ප සහ මේ හරහා ඔවුන් තුළ මැවෙන චිත්ත රූප මහා විසාලයි. ඒත් දැන් නුවර ඇවිත් වීදිවල ඉද්දි ඒ අයගේ හිත්වල මැවුන මහා විචිත්‍ර සිතිවිලි වෙනස් වෙන්නත් පුලුවන්. ඒ නිසා අපි කල්පනා කළා දළදා වහන්සේ දෑසින් දකින්න පෙර ළමයින්ගේ හිත්වල තියන දේවල් චිත්‍රයට නගන්න පුලුවන් නම් කොච්චර ලස්සන චිත්‍ර ඇඳෙයි ද කියලා.”

” පොඩි උන් අඳින හැම චිත්‍රයකටම ආවේනික ලස්සනක් තියනවා. ඒ ලස්සන විචාර කරන්න නෙමෙයි අපි මේ හදන්නේ. පුංචි හිත්වල තියන හැඟීම කොලේ මතට අරන් එයාලා ඒ සිතිවිලි බරෙන් නිදහස් කරන්න. මේ පුංචි දරුවො එක්ක අපි කතා කළා. ඇත්තටම මේ හැම දරුවෙකුටම මේක මහා වෙනස් අත්දැකිමක්. දෙහිඅත්තකණ්ඩිය පැත්තෙන් ආපු දුවෙක් කියනවා “මේ නුවර දළදා වඳින්න ආපු ගමන නම් හරිම ෂෝක්” කියලා. ෂෝක් කියලා කියනකොට ඇස් ලොකු වෙලා අත් දෙක උඩ ගිහින්… ඒ දරුව තමන්ගේ ප්‍රකාශනය කළේ මහා හැගීමකින්. මේ ළමා මනස හරියට හඳුනාගෙන කළමනාකරණය කරගන්න බැරිවුනොත් අපට හොඳ මිනිස්සු අනාගතය වෙනුවෙන් නිර්මාණය කරගන්න ලැබෙන්නේ නෑ. ඒ අනාගත යහපත් මිනිසා හදා ගන්න වැඩිහිටියො විදිහට අපි යොදා ගන්න පුලුවන් හැම අවස්ථාවක්ම යොදා ගැනීමයි කළ යුත්තේ. පුංචි පැටවු පෝලිම්වලින් එළියට අරන් චිත්‍ර අඳින්න යෙදෙව්වේ ඒ අදහස එක්ක.”

බුද්ධ ශාසන ඇමති හිනිදුම සුනිල් සෙනවි අතින් සහතිකය ලබා ගන්නා දරුවෙක්…

“අපි විශ්වාස කරනවා. මේ දළදා දැක්මට එක්වුන දරුවන්ට තමන්ගෙ ජීවිත කාලයේ හැමදාම මේ අවස්ථාව මතකයේ තියේවි. ” ඇය පවසන්නීය. මේ පුංචි ක්‍රියාකාරකම පසුපස ඇති ගැඹුරු අර්ථ පූර්ණ ප්‍රවේශය දකිමු. මෙවැනි සිතිවිලි යහපත් හෙට දවසක් නිර්මාණය වෙනුවෙන් මහා පදනමක් තබනු ඇති බව විශ්වාස කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ දිනයේ ලක්ෂයක් දළදා දැක වැඳ පුදාගෙන… මධ්‍යම රාත්‍රී 12 වනවිට ඊයේ මෙන් දෙගුණයක ජනතාවක් ප්‍රවේශ මාර්ගවල ලැගුම් අරන්…

Next Post

මනම්පිටිය දේවස්ථානයට වෙඩි තැබූ සැකකරු ගිනි අවියත් සමග අත් අඩංගුවට…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.