කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට අද (18)දැනුම් දීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී හෙට (19) සහ අන්ද්දා (20) පැවැත්වීමට තීන්දු විය.
විවාදය එම දින දෙකේදීම දවස පුරා පැවැත්වේ.
පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම අනිද්දා (20) පස්වරු 4:30 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.