සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොළොන්නරුව රන්කෙත හෝටලයේ හිමිකරු ඝාතනය –  පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශ ස්ථානාධිපති ඇතුළු පොලිසියේ 04කට වසර 07ක් බරපතල  වැඩ ඇතිව සිර දඬුවම්

by editor
සැප්තැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

  • වසර 21ක නඩු විභාගයෙන් පසු  තීන්දුව එනකොට කොට්ඨාස විමර්ශන අංශ ස්ථානාධිපති මිය ගිහින්….

වැටලීමක් සඳහා ගිය අවස්ථාවේදී පොළොන්නරුව රන්කෙත හෝටලයේ කළමණාකාරවරයා සමඟ ඇතිවූ ආරවුලක් මත සිදුකළ  පහර දීමකින්  පසු එම හෝටල් කළමනාකාරවරයා මරණයට පත් කිරීමේ චෝදනාව පිළිබඳ සිදුකළ   වසර විසි එකක  දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව, පොළොන්නරුව කොට්ඨාස  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් සිව්දෙනෙකුට රුපියල් 15,000 බැගින් වූ දඩ මුදලක් ගෙවන ලෙසත්,  ඔවුන්ට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා දෙන ලෙසත් පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත  නියෝග කළේය.

2004 ඔක්තෝබර් 03 වෙනිදා පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වසන්ත පෙරේරාත්   පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුත් පොළොන්නරුව රන්කෙත හෝටලයේ වැටලීමකට ගිය අවස්ථාවේදී ඇතිවූ ආරවුලකින් පසු පොලිස් නිලධාරින් පහර දී හෝටල් කළමනාකරුවන හර්මන් කුවින්ටස් පෙරේරා මරණයට පත්විය.

මරණයට පත්වෙමින් අනතුරුව 2004 ඔක්තෝබර් 03 වෙනිදා කොට්ඨාස අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.

පොළොන්නරුව මහාධිකරණයේ ගොනුවන මේ    නඩුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් අනතුරුව 2006 අගෝස්තු 17වෙනිදා   පළමුවරට විභාගයට ගැනිණි.

ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඉකුත් 12 වෙනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව මත පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වසන්ත පෙරේරා   ඇතුළු පොලිස් නිලධාරින් සිව්දෙනාට වසර හතක බරපතල වැඩ සහිත දඬුවම් ලබාදෙන ලෙසට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත   නියෝග කළේය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

මෙම නඩු තීන්දුව ලබාදෙන අවස්ථාව වන විට ,පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, වසන්ත පෙරේරා   මියගොස් ඇති අතර, චෝදනාවට ලක්ව සිටින පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු වැඩ තහනමකට ලක්ව සිටින බවත්, පොලිස් කොස්තාපල්වරයෙකු මඩකලපුව පොලිස් අධිකාරී කාර්යාලයේ සේවයේ නිරතව සිටින බවත් පොලිසිය කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලයිස්තුවට ඇමති නලින්ද කරන බලපෑමට  නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක  විරුද්ධ වෙයි…

Next Post

රාජ්‍ය බැංකු සතු කොටස්වලින් සියයට 20ක් විකුණන්න ගත්තු තීන්දුව ආපසු හරවා ගන්න සති 2ක් කල් දෙනවා… බැරි නම් දීප ව්‍යාප්ත බැංකු වර්ජනයකට සූදානම් වන්න… ලංකා බැංකු සේවක සංගමය රජයට අනතුරු අඟවයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.