බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොර සමාගම් ගොවීන්ගේ කොම්පෝස්ට මිලදී ගෙන වැඩි මිලට විකිණීමේ සැලසුමක…

අතිරික්තය අඩු මිළට අළෙවි නොකර තමන් සන්තකයේ තබා ගන්න... දිස්ත්‍රික් ලේකම් කියයි...

by editor
ජූලි 7, 2021
in පුවත්
Organic-Compost
Share on FacebookShare on Twitter

ඉදිරි මහ කන්නය සඳහා ගොවීන් සකස් කරගන්නා කාබනික පොහොර වලින් අතිරික්තය අතරමැදියන් යොදවා මහ පරිමාණ සමාගම් විසින් මිලට ගෙන වැඩි මිලට අළෙවි කිරීමේ සැළසුම්ක තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් පවසයි.

මේ නිසා කොම්පෝස්ට් පොහොර අතිරික්තය අඩු මිළට අළෙවි නොකර තමන් සන්තකයේ තබා ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ මහා වාරි ව්‍යාපෘතිය ආශ්‍රිතව ගොවියන් රැසක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කොට තිබෙන අතර ඔවුන් සමඟ දිසාපතිවරයා මිනිපේ මොරයාය නේවාසික කළමනාකරණ කාර්යාලයේදී ‍‍ පෙරේදා 06) පැවැති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කීවේය.

කාබනික පොහොර ආනයනය නොකරන බැවින් ඇතැම් බහු ජාතික සමාගම් කොම්පෝස්ට් පොහොර ගොවීන්ට අළෙවි කිරීමට සූදානම් වන්නේ පොහොර සංචිත ගොවීන්ගෙන්ම මිලට ගෙන යැයිද ඔහු පෙන්වා දුනනේය.

මිනිපේ මහා වාරි ව්‍යාපෘතියේ පියවර 1,2 සහ 3 කොටස්වල ගොවි සංවිධාන නියෝජිතයින් සඳහා කාබනික පොහොර නිපදවීමේ ප්‍රායෝගික වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත නේවාසික කළමනාකරණ කාර්යාලයේදී ක්‍රියාත්මක කෙරිණි. කොම්පොස්ට් පොහොර තොග තමන් සන්තකයේ තබා ගැනීමෙන් ගොවීන්ට වඩා වාසිසහගත වනු ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ගොවි සංවිධාන නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව එම කාර්යාලයේදී පැවැති ගොවි හමුවේදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා ඉදිරි මහ කන්නයේදී රසායනික පොහොර යෙදීමක් සිදුනොවන නිසා තමන්ට අවශ්‍යය පොහොර ප්‍රමාණය ගොවීන් විසින් නිපදවාගත යුතු යැයිද උපදෙස් දුන්නේය. කාබනික පොහොර මිලට ගැනීමට හැකි නමුත් වඩාත් සාර්ථක හා විශ්වාසවන්ත ක්‍රමය වන්නේ තමන්ට අවශ්‍ය පොහොර තොගය තමන් විසින්ම ගොවිබිමේ නිපදවා ගැනීම යැයි ද ඔහු කීවේය. ඒ සඳහා අවශ්‍යය තාක්ෂණික උපදෙස් හා අමුද්‍රව්‍ය සම්පාදනය සඳහා රජය මැදිහත්වන බව කී දිස්ත්‍රික් ලේකම්වරයා ඇතැම් ගොවීන් තමන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය මේ වන විටත් සකස්කර ගනිමින් සිටින බවද අවධාරණය කළේය.

කාබනික පොහොර අවශ්‍යතාවයක් තිබේ නම් මහනුවර මහ නගර සභාවේ කාබනික පොහොර නිෂ්පාදන ඒකකය මගින් අවශ්‍ය කොම්පෝස්ට් තොග සාධාරණ මිලකට ගොවීන්ට ලබාදීමට හැකියාවක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ආදර්ශ කාබනින පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩමුළුවක් පැවැත් වූ අතර ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතුලු ආයතන කිහිපයක සහයෝගය ලැබී තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විරෝධතා පැවැත්වූ මහින්ද ජයසිංහත් අත්අඩංගුවට

Next Post

කොවිඩ් වැළඳුණු දෙහිවල සිංහයා තෝර්ට නිවුමෝනියාව…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.