අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ උපකල්පන මත උද්ඝෝෂණ නැවත්වීම මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ! මීගමුව වැ.බ මහෙස්ත්‍රාත් අධිකරණයට කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

(විමල් කීර්තී)

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගියට අයට සහ වින්දිතයින්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා හෙට (21) පැවැත්වන උද්ඝෝෂණය ප්‍රචණ්ඩකාරී  වීමට හැකියාව ඇතැයි උපකල්පනය කරන හෙයින් එය නැවැත්වීමට නියෝග කරන ලෙස  පොලිසිය විසින් කරන ලද  ඉල්ලීම ඉවත දැමු මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්දික ද සිල්වා මහතා පොලිසියේ  උපකල්පනය අනුව තහනම් නියෝගයක් නිකුත් කළොත් එයින්  මුලික මිනිස් අයිතිවාසිකම් කඩවීමට ඉඩ ඇති බව සඳහන් කළේය.

මේ පිළිබදව දීර්ඝ නිරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් මීගමුව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු වන එරික් පෙරේරා සහ නාලක සේනාරත්න සමඟ මීගමුව මුලස්ථාන පොලිස් පරීක්‍ෂක ඉන්දික උදයංග සහ මීගමුව මුලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා කළ ඉල්ලීම ඉවත දමමින් මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඒ බව පෙන්වා දුනනේය.

පාස්පාකු ඉරිදා අන්ස්කුතවාදී ත්‍රස්ත පුහාරයට සිව් වසරක් පිරෙන හෙට (21) දිනයේ  එම ප්‍රහාර  මාලාවෙන් මියගියට අයට සහ වින්දිතයින්ට සාධාරණය ඉටුකරන්නැයි ඉල්ලා අගරදගුරු අතිගරු  මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මුලිකත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇතැයි දීර්ඝ නිරීක්‍ෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ආගමික මුහුණුවරින් මුලින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණය සඳහා සමගි ජන බලවේගය සහ වෘත්තීයය සමිති එකමුතුවක් එක්ව ඇතැයිද ඉන් මෙම උද්ඝෝෂණයට දේශපාලන මුහුණුවරක් ලැබී ඇතැයිද දැනුම් දුන් පොලිසිය ඉන් මෙම උද්ඝෝෂණය ප්‍රචන්ඩකාරී තත්වයකට පත්වන බව නිරීක්‍ෂණ වලින් තොරතුරු ලැබී ඇතැයිද වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මෙම උද්ඝෝෂණය සඳහා යොදා ගන්නා මීගමුව මහ නගර සභා පිට්ටනිය විශාල ජනකායක් රැඳවීමට ඉඩ ඇති තැනක් නොවන බවත් ඉන් මහා මාර්ග අවහිර වී මහජන දේපළ වලට හානි වීමට ඉඩ ඇති බවත් පෙන්වා දුන් පොලිසිය මහජනතාවගේ සාමකාමී ජීවීත ආරක්‍ෂා කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 106 (01) යටතේ එම උද්ඝෝෂණය තහනම් කිරීමේ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

දීර්ඝ නිරීක්‍ෂණ වාර්තා ඉදිරිපත් කරමින් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 සහ 14 වගන්ති අනුව මහජනතාවට සාමකාමීව එක්රැස්වීමට හා අදහස් ප්‍රකාශ කිරීමට අයිතිවාසිකම් ලබා දී ඇතැයි පොලිසියට පෙන්වා දුන්නේය.

එක්රැස්වීමට අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට ලබා දී ඇති අයිතිය පොලිසිය උපකල්පනය කරන සිද්ධීන් මත පිහිටා තහනම් කිරීමට අධිකරණයට හැකියාව නැති බවත් එවැනි තහනම් නියෝගයක් දීම මහජනතාවගේ මුලික අයිතිය කඩකිරීමක් විය හැකි බවත් තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා උද්ඝෝෂණය තහනම් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමුවේය.

උද්ඝෝෂණයේදී යම් ලෙසකින් සාමය කඩවන ආකාරයට හෝ ප්‍රචන්ඩ ලෙස යමෙකු කටයුතු කරනු ලැබුවහොත් පොලිස් ආඥා පනත යටතේ ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය පොලිසියට ඇති බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව කටයුතු කරන ලෙස ඔවුන්ට නියම කළේය.

 

ලංකාදීප – විමල් කීර්ති

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෑත කාලයේ වැඩිමවිදුලිය ඉල්ලුම ඊයේ වාර්තා වෙයි !

Next Post

අලවතුගොඩ ඡායාරූප ශාලාවක පන්දාහේ නෝට්ටු ෆැක්ටරියක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.