බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියට සිහි කැඳවීමක්… පොලිස් ජඩකම් කරන්න ගිය තිස්සමහාරාම හිටපු ඕඅයිසී  ප්‍රභාත් දේශබන්දු ඇතුළු 3කට බරපතල වැඩ ඇතිව අවුරුදු 7ක් සිරදඬුවමක්…

by editor
ජූනි 25, 2024
in පුවත්
police
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

වසර 19කට පෙර තිස්සමහාරාම පොලිස් වසමේ සිදු වු සිද්ධියකට අදාලව අත්අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනෙකුට පොලිස් අත්අඩංගුවේ සිටියදි අමානුෂික ලෙස පහරදි කෲර වධ හිංසාවට ලක් කිරීමේ චෝදනා මත තිස්සමහාරාම පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති වරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකුට වසර 07 බැගින් බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 10,000 බැගින් ද මුදලක් හා රුපියල් ලක්ෂ 05 බැගින් වු වන්දි මුදලක් ගෙවන ලෙස මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් ඊයේ  (24) නියම කළේය.

මෙලෙස සිර දඩුවම් හා වන්දි නියම කෙරුණේ තිස්සමහාරාම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ දැනට  කොස්ගොඩ  පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇලබොඩ ආරච්ච්ගේ සිරිනිමල් ප්‍රභාත් දේශබන්දු හා එවකට තිස්සමහාරාම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ වර්තමානයේ වැල්ලවත්ත පොලිසියේ පොලිස් පරික්ෂක වරයෙකු ලෙස සේවය කරන සන්නස්ගල මුදියන්සේලාගේ ප්‍රසන්ජිත් සන්නස්ගල හා දැනට වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් සැරයන් වරයෙකු වන සරත් කුලතුංග නැමති සැකකරුවන්ටය.

සිද්ධිය

2005.03.01 වන දින තිස්සමහාරාම පොලිස් වසමේ උඩුවිල ප්‍රදේශයේ පිහිටි තිස්ස විලේජ් නැමති හෝටලයේ හිමිකරු හා වෙනත් පාර්ශවයක් අතර ඇති වු ආරවුලකදී විත්තිකාර පොලිස් නිලධාරීන් විසින් තිස්ස විලේජ් හෝටලයේ හිමිකරු ඇතුළු එහි සේවකයින් 05 දෙනෙකු පැහැරගෙන ගොස් පහරදී කෘරත්වයට පත් කර පසුව ඔවුන් ගිනි අවි හා ජීව අත් බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් බව පවසමින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් හෝටල් හිමිකරු ඇතුළු සේවකයන් විසින් ශ්‍රේෂ්ඨාධීකරණයට මුලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් ගොනු කර ඇත.

එහිදී ශ්‍රේෂ්ඨාධීකරණය නියම කර ඇත්තේ විත්තිකාර ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් හෝටල් හිමිකරු ඇතුළු සේවකයන් පස් දෙනාගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවය. ඒ අනුව පොලිස් මුලස්ථාන විසින්  සිදුකළ මුලික විමර්ශනයකින් අනතුරුව කොළඹ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට මෙහි වැඩිදුර විමර්ශන  කටයුතු පවරා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදි මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට කරුණු වාර්තා කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් චුදිත ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව මාතර මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි. 

නඩු තීන්දුව 

ඒ අනුව පැවති දිර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ල විසින් චුදිතයින්ට එරෙහිව නගා තිබු අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබිම හේතුවෙන් මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා විසින් චුදිතයින් තිදෙනාට වසර 07 බැගින් බරපතළ වැඩ සහිත සිරදඩුවම් නියම කළ අතර චුදිතයින් තිදෙනා විසින් අගතියටපත් එක් අයෙකුට රුපියල් ලක්ෂ 05 බැගින් වන්දි ගෙවන ලෙසටද නියම කෙරුණි.

මිට අමතරව එක් එක්  චුදිතයින්ට රුපියල් 10,000 බැගින් දඩයක්ද නියම කෙරුණි.

විත්තිකාර පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක් වු පුද්ගලයන් තිදෙනාට එරෙහිව පොලිස් නිලධාරීන් විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව මේ වන විට ඊට අදාල නඩුවද හම්බන්තොට මහාධිකරණයේ   විභාග වෙමින් පවතියි. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ත්‍රෛලෝක විජය පත්‍රයේ ඔතා ආණ්ඩුව රටට දෙන්නට හදන මරණයේ කතාව!

Next Post

ඇමති විජේදාස  පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය වැරදියැයි කී අධිකරණ අධිකරණ සේවා සංගමයේ ලේකම් සහ සභාපති විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවන්න යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.