උපකාරක අමතර පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කිරීමට දේශකයන්, සිසුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම අද (01) දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ පිටපත්ද පොලිස් ස්ථානවලට යොමු කිරීමටද පොලිස්පතිවරයා පියවර ගෙන ඇති අතර එම පිටපත් තම වසමේ ඇති සියළුම උපකාරක පංතිවල ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා ලෙසටද පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබේ.
එසේම එම මාර්ගෝපදේශ පිටපත් දේශකයන්ටත් සිසුන්ටත් දෙමාපියන්ටත් වෙන වෙනම යොමු කිරීමටද පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත.