පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද පෙනී සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සභාපතිත්වයෙන් රැස්වුන මෙම කමිටුව හමුවේ අද පලමු වරට පෙනී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටියේ ඔහුගේ නීතිඥ සංජීව වීරවික්‍රම පෙනී සිටියේය.
නීතිඥවරයා කියා සිටියේ කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව එල්ල කළ චෝදනා 23න් 17ක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින ඒවා බවය.
එම නිසා මෙම කමිටුවට ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමට හැකියාවක් නොමැති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. ඔහු කීවේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටියදී අධිකරණය අතුරු තහනම් නියෝගයක් ද ලබා දුන් බවය.
එවැනි අවස්ථාවක මෙම කමිටුවට විමර්ශනයක් කිරීමට හැකියාවක් නොමැති බව නීතිඥවරයා කමිටුව හමුවේ තර්ක කළේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අවධාරණයෙන් ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් කළ සියලුම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවය.
නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ එම සියලුම ඉල්ලීම් පදනම් විරහිත බවය. මෙම විමර්ශනය කිරීමට නෛතික හැකියාවක් කමිටුවට ඇති බවත් කමිටුව පත් කළේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කිරීමට බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැහැදිලි කළේය.
පොලිස්පතිවරයාට එරෙහි චෝදනා විමර්ශන කමිටුව ලබන 28 වැනිදා නැවත රැස්වීමට නියමිතය.







