පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව ඔහුගේ වැඩ තහනම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දී ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීමේ දී ව්‍යවස්ථා දායක සභාවේ තීන්දුව අභියෝගයට ලක්කරමින් නොව, එම පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති උල්ලංඝණය කිරීමින් සිදුකර ඇති නිසා බවට වූ නිරීක්ෂණ මත බව අදාල නඩු තීන්දුව උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.
විපක්ෂයෙන් පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට කැබිනට්ටුවට, ව්‍යවස්ථා දායක සභාවට, පාර්ලිමේන්තුවට හෝ ජනාධිපතිවරයාට නොහැකි බවත්, එහි එකම බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවත්ය.
බැලූ බැල්මට සාධනීයව පෙනෙන බව කියලා තියනවා කරපු පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනි ආකාරයට මෙම පත්කිරීම කරලා තියනවා කියලා. ඒක තීන්දුවෙ තියනවා.
එතකොට ශ්‍රේෂ්ඨාධිකණය අතුරු තහනම් නියෝගය ලබා දීලා තියෙන්නේ පත් කරපු ක්‍රමවේදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෝෂයක් තිබෙන නිසයි. ඒ නිසා එම පත් කිරීම වලංගු නෑ.
ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා මේ පත් කිරීමේ දෝෂ නිසා පත් කරපු පොලිස්පතිවරයාගේ පත් කිරීම වලංගු නොමැති නිසා ඔහුගේ බලය ක්‍රියාකාරිත්වය සහ වගකීම පොලිස්පති ලෙස කටයුතු කිරීමෙන් ඔහුව වළක්වලා තියනවා.
මේක මම හොඳට පැහැදිලි කරන්නේ පත් කරපු ක්‍රමවේදයේ ව්‍යවස්ථා විරෝධි ක්‍රමවේදය නිසා තමයි ඔහුව පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම නතර කරලා තියෙන්නේ.
මම එකක් කියන්නම්. මේ ප්‍රශ්නයෙන් ජනාධිපතිවරයාට පැන යන්න බෑ. ඔහු අදටත් ජනාධිපති. ඔහු අපේක්ෂකයෙක් වුනා කියලා ඔහුගේ ජනාධිපති වගකීම් නතර කරන්න බැහැ. ඔහුගේ වගකීම තමයි පොලිස්පතිවරයෙක් නැති අවස්ථාවක අඩුම තරමින් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමේ ක්‍රියාවලිය ඔහුගෙන් එන්න ඕන. ව්‍යවස්ථා දායක සභාව තමයි හා ද බෑ ද කියන්නේ.
ජනාධිපතිවරයාට පොට වැරදිලා ව්‍යවස්ථා දායක සභාවට කියනවා පත් කිරීම කරන්න කියලා. මේ ඔක්කොම හදන්නෙ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඕක කරන්න බැරිනම් ජනාධිපතිවරයාට ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්න කියන්න.
එතකොට වැඩ බලන ජනාධිපතිට පුලුවන් රටේ නීතියට අනුව වැඩ කටයුතු කරන්න.







