සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් වධකයන් සුන් කරමින් කෲර වධයට ලක් වූ පොඩි දරුවෙකුට පමා වී පැමිණි යුක්තිය… බලපිටිය අධිකරණයෙන් ඇසෙන කතාවක්!

by editor
සැප්තැම්බර් 13, 2025
in පුවත්
Police1-Arrested-Child
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

බාල වයස්කාර දරුවෙකු අත් අඩංගුවට ගෙන කෲර වද හිංසා පැමිණ වූයේ යැයි චෝදනා ලද පොලිස් නිළධාරීන් තිදෙනෙකුට හා පොලිස් සහායක යෙකු ලෙස රාජකාරි කළ අයෙකුට බළපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් පසුගියදා (11) බරපතළ සිර දඬුවම් නියම කරන ලදී. එසේ දඬුවම් ලැබුවේ 2008 වසරේදී මීටියාගොඩ පොලීසියේ සේවය කළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගලගනගේ ශ්‍රී නිශ්ශංක, උප පොලිස් පරීක්ෂක දොන් සමන් පාලිත අතුකෝරාල ,පොලිස් කොස්තාපල් ඌරු ලියනගේ දොන් තුසිත කුමාර හා පොලිස් සහායක තිරිමාදුර ලලිත් සොයිසා යන අයවළුන් හටය.

පළමු විත්තිකාර පොලිස් පරීක්ෂක ගලනගේ ශ්‍රී නිශ්ශංක ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයකු ලෙස මේ වන විශ්‍රාම ගොස් සිටී. උප පොලිස් පරීක්ෂක අතුකෝරාළ පොලිස් පරීක්ෂක වරයකු ලෙස ඇල්පිටිය කොට්ඨාශයේ සේවයේ නිරතව සිටි අතර පොලිස් කොස්තාපල් තුසිත කුමාර සැරයන් වරයකු ලෙස කළුතර පොලිස් කොට්ඨාසයේ සේවය කරමින් සිටියේය. වරද සිදු කළ අවධියේ පොලිස් සහායකයකු ලෙස සේවය කළ තිරිමාදුර ලලිත් සොයිසා පොලිස්  සේවයෙන් ඉවත් කර සිටි අයෙකු වේ.

බළපිටිය මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් ලබා දෙන ලද මෙම නඩුවේ තීන්දුව ප්‍රකාරව පළමු විත්තිකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂක ගලගනගේ ශ්‍රී නිශ්ශංකට වසර අටක ලිහිල් සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක්ද දඩය නොගෙවා පැහැර හරින ලද හොත් තව මාස හයක ලිහිල් සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කරන ලද එම දඩය ගෙවීම නොකළහොත් තවත් වසරක ලිහිල් සිර දඬුවමක් නියම කෙරිණි.

දෙවන විත්තිකරු වූ පොලිස් පරීක්ෂක අතුකොරාල හට වසර නවයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කෙරුණ අතර දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කරන ලදී.

තෙවන විත්තිකරු වූ පොලිස් සැරයන් රණසිංහට බරපතල වැඩ ඇතුව අවුරුදු අටක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලදී. එම දඩය නොගෙවන්නේ නම් තවත් වසරක බරපතල සිර දඬුවමක් හා රුපියල් පනස්දාහක වන්දි මුදලක් නියම කරන ලදී. එයද නොගෙවා සිටිය හොත් තවත් වසරක බරපතල වැඩ ඇතුව සිර දඬුවම් නියම කෙරිණි

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

පොලිස් සහායකයකු ලෙස රාජකාරි කළ සොයිසා හටද බරපතල වැඩ ඇතුව අවුරුදු අටක සිර දඬුවම් හා රුපියල් ලක්ෂයක දඩ නියම කෙරුණ අතර දඩ මුදල නොගෙවා සිටී නමි  තවත් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සමග රුපියල් පනස් දහසක දඩයක් නියම කරන ලදී. ඒ දඩය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කරනු ලැබීය.

වරදේ ස්වභාවය

අධිකරණයෙන් දඬුවම් ලැබූ මෙම විත්තිකාර පොලිස් නිළධාරීන් තිදෙනා හා පොලිස් සාහයකයා 2008 මාර්තු 07 වන දින වයස අවුරුදු 14 ක් වූ බුද්ධි ඉවන්ත ගුණසේකර නම් බාල වයස්කාර පිරිමි ළමයා සොරකමක් කරන ලදැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගොස් අතින් පයින් පහරදී ,දෙවනුව පොල්ලකින්ද තෙවනුව අත් පිටුපසට කොට බැඳ බාල්කයක එල්ලා පහර දී කෲර වද හිංසාවට ලක් කර තිබුණි.

මේ පහරදීම් වලදී එම දරුවාගේ ඇසක් ගැලවුන බවද වාර්තා වී තිබේ. අනතුරුව එදින රාත්‍රියේ පොලිස් කූඩුවේ රඳවා තබා ගෙන සිට මාර්තු මස 08 වන දින බළපිටිය මහේස්ත්‍රාත් වරයාගේ නිල නිවසට ගෙන ගොස් ඉදිරිපත් කරන ලද්දේ දහවල් කාලයේ නිවසක් බිඳ රු.23000ක් වටිනා දේපොල සොරකම් කිරීම ,සොර බඩු ළඟ තබා ගැනීම යන අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමිනි.

බුද්ධි ඉවන්ත ගුණසේකර වෙනුවෙන් මේ අවස්ථාවේ නීතිඥවරයකු ඉදිරිපත් වු නමුත් එම නීතිඥවරයා ඔහුට සිදු කරන ලද පොලිස් වද හිංසාවන් ගැන මහේස්ත්‍රාත්වරයාට සඳහන් කිරීමෙන් වැලකී තිබුණි. එහෙත් එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකාර බුද්ධි ඉවන්ත ගුණසේකර පොලිස් ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

එසේ ඇප මත මුදා හරින ලද බුද්ධි ඉවන්ත ගුණසේකර ඊට පසු දින එනම් මාර්තු 09 වන දින නිවසේ සිටියදී රෝගාතුර වීම නිසා බළපිටිය මූලික රෝහළට ඇතුළත් කෙරිණි. එහිදී අධිකරණ වෛද්‍ය නිළධාරී පරීක්ෂා කරන තුරු බුද්ධි ඉවන්ත ගුණසේකර රෝහළෙහි නේවාසිකව රඳවා ගත් නමුත් යම් බලපෑමක් නිසා ඔහු රෝහලෙන් ටිකට් කපා ගෙන ගොස් තිබේ.

එහෙත් ඉන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිළධාරියා විසින් දුරකථන පණිවුඩයක් ලබා දී නැවත රෝහළට ගෙන්වා ගන්නා ලද බුද්ධි ඉවන්ත වැඩිදුර ප්‍රතිකාර කිරීම සදහා රෝහළෙහි රඳවා ගෙන ඇති අතර ඉන්පසු  ඔහු රෝහළෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත්තේ මාර්තු 24 දිනය.

පෙදෙරේරුවකු වූ බුද්ධි ඉවන්ත ගේ පියා වන ජයන්ත ගුණසේකර විසින් තම දාහතර හැවිරිදි පුත්‍රයාට මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක කාරියවසම් දොන් සමන් පාලිත අතුකෝරාළ , මීටියාගොඩ පොලීසියේ ස්ථානාධිපති ගලගනගේ ශ්‍රී නිශ්ශංක පොලිස් කොස්තාපල් ඌරු ලියනගේ  දොන් තුසිත කුමාර ගුණසිංහ හා පොලිස් සහායක තිරිමාදුර ලලිත් සොයිසා යන සිව් දෙනාට කෘෘර වද හිංසා පැමිණවීමට  එරෙහිව මූලික අයිතිවාසිකම් කඩ කිරීමට අදාල නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී. එහි නඩු අංකය  SC /FR126/2008 වේ.

බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ බුද්ධි ඉවන්ත ගුණසේකරට එරෙහිව මීටියාගොඩ ස්ථානාධිපතිවරයා විසින් බී 2494 යටතේ පවරන ලද නඩුව තිබියදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව පවත්වා ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2008 මාර්තු මස 27 වන දින තීරණය කර තිබේ.

2008 අප්‍රේල් මස 02 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී බුද්ධි ඉවන්ත ගුණසේකරට එරෙහිව බී 2964 යටතේ මීටියාගොඩ පොලීසීය මගින් පවරා තිබූ නඩුවට ඔහු පැමිණි අවස්ථාවේ එම අධිකරණ පරිශ්‍රයේම පිහිටි නීති ආධාර කොමිසමේ කාර්යාලය වෙත ඔහු ගොස් ඇත්තේ සිය පියා සමගය. එවකට බළපිටිය නීති ආධාර කොමිෂන් සභා ශාඛාවේ සේවය කෙරුවේ නීතිඥ සමන්මලී සොයිසා  සිරිවර්ධන වේ. ඇය වෙත බුද්ධි ඉවන්ත ගුණසේකර විසින් සිදු කළ පැමිණිල්ල බාරගෙන මීටියාගොඩ පොලීසිය මගින් ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවේ නීතිඥවරිය ලෙසද ඇය පෙනී සිටියාය.

බුද්ධි ඉවන්ත ගුණසේකරගේ පියා කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව මගින් 2008 ඔක්තෝම්බර් 15 දිනැතිව H/T/17/2008 යටතේ කළ දැනුම් දීමකට අනුව විශේෂ විමර්ශන  ඒකකය මගින් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර එහි වාර්තාව 2009 ජුලි මස 23 වන දින නීතිපති වෙත ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව නීතිපති වෙනුවෙන් 2010 දෙසැම්බර් මස 10 වන දින පැවැති නඩු වාරයේදී වග උත්තරකාර පොලිස්   නිළධාරීන්ට එරෙහිව පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බව අධිකරණයට වාර්තා කර තිබේ.

පොලිසිය වෙනුවෙන් පෙනී සිටීම නීතිපති ප්‍රතික්ෂේප කරයි

මේ අතර වාරයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තමන්ට එරෙහිව විභාග වන නඩුවට පෙනී සිටින ලෙස වග උත්තරකාර පාර්ශවයේ පොලිස් නිළධාරීන් නීතිපති වරයාගෙන් ඉල්ලා තිබුණද එම ඉල්ලීම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර ඔවුන්ට පුද්ගලිකව නීතිඥවරුන් මගින් අධිකරණයේ පෙනී සිටින ලෙසද උපදෙස් දී ඇත.

බුද්ධි ඉවන්ත ගුණසේකරගේ පියා වන ජයන්ත ගුණසේකර පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව එම කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා 2008 .08.07 දිනැතිව පීඑල්සීඑම්අයිඑස්ඊ 49/1222/08 දරණ ලිපියෙන් සිද්ධියට සම්බන්ධ පොලිස් නිළධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද ඔහු වෙත ලිඛිතව දන්වා තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ  පැවැති නඩු වාර ගණනාවකට පසු 2013 ජුලි 24 වන දින අගවිනිසුරු මොහාන් පීරිස් ඉදිරියේ පැවැති නඩු වාරයේදී වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන් විසින් පැමිණිළිකාර බුද්ධි  ඉවන්ත ගුණසේකරට එරෙහිව බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන සොරකම් නඩුව ඉවත් කර ගැනීමටත් එහිදී විත්තිකරු වන බුද්ධි ඉවන්ත ගුණසේකරට වන්දියක් වශයෙන් මුදලක් ගෙවීමටත් එයට හිලව්වට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග කරමින් තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවත් කර ගත යුතුය යන සමථ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් පැමිණිලිකාර පාර්ශවයේ  නීතිඥවරුන් එම සමථ  යෝජනාව පිළිනොගෙන මෙම නඩුව විභාගයට ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

නීතිපති පොලිසියට එරෙහිව නඩු පැවරීම

2013 නොවැම්බර් මස 06 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු වාරයේදී නීතිපතිවරයා අධිකරණය වෙත දන්වා සිටින ලද්දේ වග උත්තරකාර පොලිස් නිළධාරීන්ට එරෙහිව 1994 අංක 22 දරණ කෲර වද හිංසාාවට එරෙහි පනත යටතේ බළපිටිය මහාධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇති බවය. මීටියාගොඩ පොලීසිය මගින් බුද්ධි ඉවන්ත ගුණසේකරට එරෙහිව පවරා තිබූ නඩුව 2014 ජුලි 19 වන දින කැඳවූ අවස්ථාවේ නීතිපති උපදෙස් පරිදි ඉවත් කර  ගන්නා ලද අතර එම නඩුවේ නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මුදල් ඔහුට මුදා හරින ලෙසද මහේස්ත්‍රාත් වරයා නියම කරනු ලැබීය.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින්  බුද්ධි ඉවන්ත ගුණසේකර නම් බාල වයස්කරුට කෲර වද හිංසා පැමිණ වීමේ චෝදනාව යටතේ පොලිස් නිළධාරීන් තිදෙනාට හා පොලිස් සහායකයාට එරෙහිව බළපිටිය මහාධිකරණයේ නඩු අංක 1678 යටතේ නඩු පවර ලදී.

බුද්ධි ඉවන්ත ගුණසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුවේ තීන්දුව බී.පී.අළුවිහාරේ ,කේ.ටී චිත්‍රසිරි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟතාවෙන් සභාපති විනිසුරු උපාලි අබේරත්න විසින් 2017 ජුලි 11 වන දින ලබා දුන් අතර  වග උත්තරකාර පාර්ශවයේ පොලිස් නිළධාරීන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 /1 ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද නීතිය පසිඳලීම හා ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය යන අයිතිවාසිකම උල්ලංඝනය කර තිබෙන බවට එම තීන්දුවේ සඳහන් කර තිබුණි.

ඒ අනුව එක් එක් වග උත්තරකරුවන් විසින් රුපියල් ලක්ෂය බැගින් පෙත්සම්කාර පාර්ශවයට ගෙවිය යුතු අතර නඩු ගාස්තු වශයෙන් රුපියල් හැත්තෑ පන්දහසක්ද අමතරව ගෙවන ලෙසටද තීන්දුවේ සදහන්ව තිබේ. එම මූලික අයිතිවාසිකම් පෙත්සම නීතිඥ ශාමෙන් ගුණරත්න විසින් පවරන ලද අතර පසුව ඇය විදේශගත වීම නිසා නීතිඥ ශරීටා ද ෆොන්සේකා සමග නීතිඥ විරාත්  කොරයා පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිට ඇත.

කෙසේ වෙතත් දීර්ඝ කාලයක් බළපිටිය මහාධිකරණයේ පැවැති නඩු විභාගයෙන් අනතුරුව වයස අවුරුදු 14 ක බාල වයස්කරුවකු ලෙස නඩුවේ පැමිණිලිකාර පාර්ශවය වූ බුද්ධි ඉවන්ත ගුණසේකර හට වයස අවුරුදු 31 ක් වූ තරුණයෙකුව සිටියදී යුක්තිය හා සාධාරණය ඉටු විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නේපාල අරගලය ඉතිහාසයේ මුල්ම අගමැතිවරිය බිහි කරයි… රට යථා තත්ත්වයට…

Next Post

බැකෝ සමන්ගේ ගෝලයෙක් T81 ගිනි අවියක් සහ උණ්ඩ 97ක් සමග අල්ලයි!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.