බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ඇමතිගේ බොරු ලේකම් දෙමටගොඩ රුවන්ගේ පුතාගෙන් කෝටි එක හමාරක අල්ලසක් ගත් හැටි…

by Lankasara News
මාර්තු 25, 2022
in පුවත්
bribes
Share on FacebookShare on Twitter

මේ රටේ මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙක් වූ දෙමටගොඩ රුවන් දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේය. ලංකාවේ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ දෙමටගොඩ රුවන් පසුගිය ඔක්තොම්බර් 29 වැනිදා පොලිස් අත්අඩංගුවට ගෙන ඔහුගේ කෝටි ගණනක් වූ අයථා වත්කම් ගැන පරීක්ෂණ ආරම්භ කරන්නේය.

මේ පරීක්ෂණ පැවැත්වෙන අතරතුර පසුගිය 23 වැනිදා රුවන්ගේ පුතා නීති විරෝධී වත්කම් විමර්හන ඒකකයට ගෙන්වන්නේය. ඒ ලග්ගල ඇති ඔහුගේ මැණික් පතලක් ගැන කට උත්තරයක් ලබා ගැනීම සඳහාය.

කට උත්තර අතර එක්වරම රුවන්ගේ පුතා කියන්නේ මෙවැනි කතාවකි.
“ සර්… මොකක්ද මේකෙ තේරුම. අපෙන් සල්ලිත් අරන් ඇයි අපිට මෙහෙම වද දෙන්නෙ. තාත්තට තාම ඇප ලැබුනෙත් නෑ..“

රුවන්ගේ පුතාගේ මේ කතාව විමර්ශන නිලධාරියා තිගැස්සුවේය.
“සල්ලි… කාටද සල්ලි දුන්නෙ… මේක පැහැදිලි නෑ…“ ඔහු රුවන්ගේ පුතාගෙන් විමසුවේය.
“ ඇයි සර් කිසිම දෙයක් දන්නෙ නෑ වගෙ කතා කරන්නෙ. එහෙම කරන්න එපා. ලක්ෂ එකසිය පනහක් කියන්නෙ කෝටි එක හමාරක්. මේවා කජු ඇට නෙමෙයි… පොරොන්දු වුනේ තාත්තට ඇප දෙන්න. ඒත් දැන් මටත් ඉන්න නෑ…“

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

විමර්ශන නිලධාරියා ඉදිරියේ දිගහැරෙන මේ කතාව ඔහු වහාම සිය උසස් නිලධාරින්ට දැන්වූයේය.
“ මේ ගැන මුල ඉඳන් පැහැදිලි කටඋත්තරයක් ගන්න. අරන් වහාම විමර්ශනයක් කරන්න…“
උසස් නිලධාරීන්ගෙන් උපදෙස් ලැබිණි. දැනට පොලිස් කටඋත්තරයේ සඳහන්ව ඇති, අල්ලස් කොමිසමට යොමු කර තිබෙන එම කටඋත්තරය අනුව පෙළ ගැසෙන කතාව මෙසේය.

දෙමටගොඩ රුවන් පසුගිය දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් දා සිට ඔහුට ඇප ලැබෙන්නේ නැත, රුවන්ව එළියට ගැනීමට රුවන්ගේ පුතා යන්නේ එක්තරා සංස්ථා සභාපති වරයෙක් හමුවීමටය. මේ සභාපතිවරයා දෙමටගොඩ රුවන්ටත් වඩා සමීප දෙමටගොඩ චමින්දටය. එනම් රුවන්ගේ අයියාටය. සිය සමීපතම සගයාගේ සහෝදරයාව බේරා දෙන්නට ඔහුගේ පුතාට මේ සංස්ථා සභාපති තැන පුද්ගලයින් දෙදෙනෙක් හඳුන්වා දෙන්නේය. ඒ දෙදෙනාම කාලයක් මේ සංස්ථා සභාපතිවරයාගේ දේශපාලන වැඩ කළ උදවිය ය. එක්කෙනෙක් අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචි කාංචන නැමැත්තෙකි. අනෙක් පුද්ගලයා කොල්ලුපිටියේ පදිංචි සෆ්රාස් නැමැති මුස්ලිම් ජාතිකයෙකි.

මේ පුද්ගලයන් දෙදෙනාගෙන් කාංචන දැන් වැඩ කරන්නේ පොලිස් ඇමති ලඟය. කාංචන නැමැත්තා චන්දයට හතර හන්දි කඩාගෙන පොලිස් ඇමති වෙනුවෙන් වැඩ කර තිබිනි. ඔහු පෙනී ඉන්නේ පොලිස් ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් ලෙසය. අනෙක් පුද්ගලයා සෆ්රාස්ය. සෆ්රාස් වැඩ කරන්නේ තවමත් සභාපතිවරයා ලඟය. රුවන්ගේ පුතා කාංචන වෙත යොමු කරන්නේ සෆ්රාස්ය.

පොලිස් ඇමති ලඟ නිරන්තරව ගැවසෙන කාංචන කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගේ සමීපතමයෙක් ද වූයේය. ඔහු පොලිස් ඇමති නියෝජනය කරමින් පොලිසියේ වැඩවලට එන්නේ මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමගිනි. ඇමතිවරයාගේ ලඟම හිතවතෙක් ලෙස ඔහුව පොලිසියේ අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට හඳුන්වා දෙන්නේත් මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය. ඒ නිසාම ඇතැම් පොලිස් නිලධාරීන් ස්ථානමාරුවීම් ස්ථානාධිපති පත්වීම් ලබා ගැනීමටත් මෙම සම්බන්ධීකරණ ලේකම් ලඟ වැඳ වැටෙන ආකාරය අමාත්‍යාංශ තොරතුරුම වාර්තා කරන්නේය.

සභාපතිවරයා රුවන්ගේ පුතාට හඳුන්වා දෙන්නේ අමාත්‍යාංශයෙ එවැනි බලවතෙකි. රුවන්ට ඇප ලබා දීමේ කටයුත්ත ගොඩින් බේරා ගැනීම සඳහා රුවන්ගේ පුතා දිනක් සෆ්රාස් සමග පැමිණ කාංචන මුණ ගැසෙන්නේය.

වැඩේ සඳහා රුපියල් කෝටි එක හමාරක් වැය වන බව කාංචන රුවන්ගේ පුතාට කියන්නේය. ඔහු කියන්නේ එම මුදල ලබා ගන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන අංශයේ නිලධාරීන්ට ලබා දෙන්නට බවය.

රුවන්ගේ පුතා තමන් මෙම නිලධාරීන් දෙදෙනා හමුවුණු අවස්ථාවේ සිට මුදල් දීම දක්වා සියලුම සිදුවීම් සිය කටඋත්තරයේ ලබා දුන්නේය. එම කටඋත්තරය සටහන් කරගෙන පොලිසිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා මූලික විමර්ශනය ඇරඹුවේ ඇමති ලඟ ඉන්නා මෙම නිලධාරියා මුදල් ලබාගෙන තිබුණේ පොලිසියට ලබා දීමට යැයි කීමේ බරපතලකම සලකමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ මූලික විමර්ශනයේ දීම හෙළි දරව් වන්නේ ලබා ගත් කෝටි එක හමාරක මුදල රුපියල් ලක්ෂ පනහක් සෆ්රාස්ට දී රුපියල් කෝටියක් රුවන්ට අරගෙන “ෆයිල් එක වසා දමා“ තිබුණු බවය. කාංචන නැමැත්තාට අමාත්‍යාංශයේ කිසිම තනතුරක් නැතත් ඔහු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස නොනිලව හැසිරෙන බවත් මෙම පරීක්ෂණයේ දී හෙළි වී තිබුණේය.

දැන් රුවන්ගේ පුතාගේ ප්‍රකාශයන් අල්ලස් කොමිසමටත් යොමු කර තිබේ. ඊට එක් හේතුවක් වන්නේ මෙම කාංචන නැමැති පුද්ගලයා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස හැසිරීමය. ඔහු ඒ වන විට පොලීසියේ විශාල පිරිසක් ඉතා කිට්ටුවෙන් ඇසුරුකර තිබීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගජමුතු ජාවාරමේ ගිය  හිටපු නියෝජ්‍ය ඇමති පණ්ඩු එස්.ටී.එෆ්. දැලට කොටු වේ!

Next Post

IOC පෙට්‍රල් ලීටරයක් රුපියල් 303යි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.