සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොදු ජනතාව ගේ විරෝධයක් සේ පෙනෙන ලෙස දේශබන්දුගේ වැඩ තහනම්කළ අධිකරණ නියෝගය ප්‍රශ්න කරන්න සූදානමක්?…

by editor
ජූලි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ පළමු වරට අධිකරණය විසින් වැඩ තහනමකට ලක් කළ පොලිස්පතිවරයා වු දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව ලබා දුන් අධිකරණ තීන්දුව ප්‍රශ්න කරන ආකාරයේ වැඩ පිළිවෙළක් රට පුරා සංවිධානය වෙමින් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේම අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

එහි එක් අංගයක් ලෙස රට පුරා ජනතාව විසින් ඇතිකරන විරෝධයක් සේ පෙන්වා දෙමින් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ආරංචි පැතිර යන බවට වූ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් වෙමින් ඇත.

ඊයේ (25) මාතර ප්‍රදේශයේ එවැනි පොස්ටර් කීපයක් අතින් ලියා තැන් තැන්වල අලවා තිබී හමුවුන බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර ඊයේ දිනයේ දී පැවිදි හඬ සංවිධානය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක් අතර කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති හාමුදුරුවන්වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අභයාරාමයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා දේශබන්දු තෙන්නකෝන් ගේ “වැඩ තහනම් කළ බලවේගය ” ගැන සිය අදහස් පළ කළේය.

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් කීවේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස මේ රටේ මත් කුඩු සහ පාතාලය මර්ධනය කිරීම සඳහා ඉතා අවංකව කැපවීමෙන් විශාල මෙහෙවරක් කෙටි කාලසීමාවක් තුළ කරගෙන පැමිණි බවය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“සියල්ලම පැහැදිලි කරන්න අපට මේ වෙලාවෙ බෑ. තහනම් වචනයක් තියනවා. ඒ නිසා. එතුමා ඉතාම හොඳන් දූරදර්ශීව මේ වැඩේ ( මත් කුඩු මර්ධනය) කරගෙන ආවා. ”

“දැන් පොඩ්ඩක් අඩපණ වෙන තත්ත්වයකට පත් වෙයිද කියලා මම දන්නේ නෑ කියන්න. ”

“කෙසේ වෙත්ත ඇස් ඇත්තෝ කන් ඇත්තෝ මේ ගැන ටිකක් බලලා මේක සක්‍රීය කරන්න කියන එක තමයි අරමුණ. වෙන මොකක්වත් නමෙයි. ”

“මේ වෙලාවෙ හැටියට අපට අධිකරණය ගැන කතා කරන්න පුලුවන් කමක් නෑ. කුමණ හෝ බලවේගයක් තුළින් මෙවැනි තත්ත්වයක් ආවා නම් ඒ බලවේගවලට ඇස් ඇරේවා කියන එක තමයි අපේ බලාපොරොත්තුව.”

ඊයේ (25) දිනයේ දීම මාතර දිස්ත්‍රික්කයේ හිමිවරු පිරිසක් වැඩ තහනමට ලක් වූ පොලිස්පතිවරයාගේ රුව සහිත බැනරයක් පසුබිමෙහි මාතර බෝධිය යට මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. මාතර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි පරදූවේ සිරිධම්ම හිමි කීවේ මත් උවදුරු සියයට හැටක් හැත්තෑවක් නැති වුන බවත් රටේ පාතාලය නිමා කරන්නට කුඩු ජාවාරමට එරෙහිව නැගිටපු එකම පොලිස්පති වරයා දේශබන්දු තෙන්නකෝන් බැවින් එතුමාට මේ අත් වූ තත්ත්වය සම්බන්ධව කම්පනයක් ඇති බවය.

කෙසේ වෙතත් මහ ජනතාව අතින් වියදම් කරගෙන පොස්ටර් ව්‍යාපාරයක් කවර පොලිස් ප්‍රධානියෙකුව ඉලක්ක කරගෙන දියත් වුව ද ඒ සම්බන්ධව ගැඹුරින් විමසා බැලිය යුතු බව බොහෝ පොලිස් ප්‍රධානීන්ගේ මතය වී ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

22 හෙට පාර්ලිමේන්තුවට එන්න නියමිතයි… පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ කියයි!

Next Post

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21… මැතිවරණ කොමිසම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.