ලලිත් චාමින්ද –
පොලිස් අණ නොතකා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයකට කරාපිටිය බෝගහවෙල්ල ප්‍රදේශයේ දි මාර්ග බාධක රාජකාරියේ යෙදි සිට පොලිස් නිලධාරියකු විසින් රාජකාරි පිස්තොලයෙන් වෙඩි තබා ඇති බැව් පොද්දල පොලිසිය පවසයි.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
පොද්දල පොලිසියේ නිලධාරින් පිරිසක් අද (22) උදැසන කරාපිටිය බෝගහවෙල්ල ප්‍රදේශයේ දි මාර්ග බාධක රාජකාරියේ යෙදි සිට ඇත. පෙරවරු 10.45ට පමණ බජාජ් වර්ගයේ ත්‍රි රෝද රථයකින් දෙදෙනෙකු පැමිණ ඇත.
පොලිස් නිලධාරින් විසින් ත්‍රි රෝද රථය නතරකොට පරික්ෂා කිරිමේ දි ත්‍රි රෝද රථයේ පැමිණි දෙදෙනාට සිය අනන්‍යතාවය තහවුරුකරගැනිම සදහා කිසිදු ලියකියවිල්ලක් ඉදිරිපත් කිරිමට නොහැකිවි ඇත.
ඒ සමග ත්‍රි රෝද රථයේ පිටුපස පැමිණි පුද්ගලයා පොලිස් නිලධාරින් සමග පොරබැද අත්විලංගුවවිසිකරදමා පලාගොස් තිබේ. ඉන්පසු ත්‍රි රෝද රථ රියදුරු ත්‍රි රෝද රථය පනගන්වා ත්‍රි රෝද රථය ඉදිරියට ධාවනය කිරිමේ දි වෙඩි තබා ඇත.
ඒ සමග ත්‍රිරෝද රථයේ රියදුරු විසින් කරාපිටිය ගොඩකන්ද මාර්ගය හරහා ත්‍රි රෝද රථය ධාවනය කරගෙන පැමිණ ඇත.
බද්දේගම ප්‍රධාන මාර්ගයට ප්රවේශවන උළුවිටිකේ මහා විද්‍යාලය අසලදි ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රි රෝද රථයක්ද අනතුරට ලක්කරගෙන ත්‍රි රෝද රථය ඉදිරියට ධාවනය කර උළුවිටකේ ප්‍රදේශයේ රථය දමා සැකකරුවන් පලාගොස් තිබේ.
වෙඩි තැබිමෙන් කිසිවෙකුටත් අනතුරක් වි නැත. පලා ගිය ත්‍රි රෝද රථය විසින් අනතුරට ලක් කළ ත්‍රි රෝද රථයේ පිටුපස ගමන්ගත් පුද්ගලයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
පොද්දල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ද පරික්ෂණ පවත්වයි.