අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවීන අධිතාක්ෂණික ජංගම ICU ඒකකයක් පේරාදෙණිය රෝහලට

by Lanka Sara Editor
සැප්තැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අති නවීන අධි තාක්ෂණික වෛද්‍ය උපකරණවලින් සමන්විත ලොව ඉහළම ජංගම දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය අමාත්‍ය අචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ වෙත බාරදීම අද (14) පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණි.

අඩි 40 ක දිගකින් හා අඩි 12 ක පළලින් යුත් කන්ටේනර් කොටස් දෙකක් සම්බන්ධ කරමින් රුපියල් ලක්ෂ 500 ක මුදලක් වැයකර නිර්මාණය කර තිබෙන මෙම ජංගම දැඩි සත්කාර ඒකකය ඇඳන් තුනකින් සමන්විය.

මෙහි ඇති ඇඳන් තුනේ ප්‍රතිකාර ලබන රෝගීන් සී.සී.ටි.වී කැමරා පද්ධතියක් මගින් පැය 24 පුරා වෙනත් කාමරයක සිට නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බව එය පරිත්‍යාග කළ ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් සමාගම පවසයි.

එම සමාගම වසර 18 ක පමණ කාලයක් තිස්සේ මෙරටට වෛද්‍ය උපකරණ සපයා තිබේ. මේ ආකාරයේ ජංගම දැඩි සත්කාර ඒකකයක් ඉතාලියේ ක්‍රියාත්මක වන නමුත් එහි ඇත්තේ ඇඳන් දෙකක් පමණක් බවත් එයට වඩා අති නවීන පහසුකම් වලින් මෙරට ජංගම දැඩි සත්කාර ඒකකය සමන්විත වන බවත් ප්‍රිමියම් ජත්‍යන්තර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත කුලරත්න මහතා කීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ වන විටත් මෙවැනි පහසුකම් සහිත තවත් ජංගම දැඩි සත්කාර ඒකක සහිත කන්ටේනර් දෙකක් ඉදිවෙමින් පවතින බවත් ඒවාද ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රටේ අවශ්‍යතාව වටහා ගනිමින් දේශීය සමාගම් මේ ආකාරයේ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වීම අගය කරන බවත් එය රෝගී ජීවිත බේරා ගැනීමට කටයුතු කරන සෞඛ්‍ය අංශ වලට විශාල ශක්තියක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

පළමු කොවිඩ් රැල්ලේ සිට එය සාර්ථකව මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය සේවාවන්හි ඉහළම දායකත්වය මෙරට සෑම තරාතිරමකම ජනතාවගේ දැඩි ඇගයීමකට ලක්ව ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කීය .

මේ වන විට මෙරට කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය, මරණ සංඛ්‍යාව ඔක්සිජන් අවශ්‍යතාව සැලකිය යුතු අයුරින් විශාල ලෙස අඩු වෙමින් පවතින බවද සාර්ථක එන්නත්කරණය හා නිවැරැදි කොවිඩ් පාලන ක්‍රියාවලිය ඒ සඳහා හේතු වෙමින් තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යෙවරයා මෙහිදී කීය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න,ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති ප්‍රසන්න කුලරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකය පුරා රටවල් ළමුන්ට කොරෝනා එන්නත් දෙන හැටි

Next Post

බීමත් රාජ්‍ය ඇමති ගිනි අවියක් සහිතව අනුරාධපුර බන්ධනාගාරයේත් පිස්සු කෙළී….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.